ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ, ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදුකළ ආරාධනයක් අනුව බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමා එම වගකීම භාරගැනීමට තීරණය කළ බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ. 

නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද ගෞරවයකි.
 
රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, අවන්නි කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය ප්‍රවීණතාවයේ දුර්ලභ සංකලනයක් නියෝජනය කරයි.

අපගේ කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාවය යළි ස්ථාපිත කිරීමයි.

පහත සඳහන් ප්‍රධාන කුළුණු දෙක ඔස්සේ අපි මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙමු:

1. ප්‍රශස්ත පාලනය නංවාලීම

අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙහි මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණ විරෝධය සහ වෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට අපි කැපවී සිටිමු. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීම අපගේ අරමුණයි.

2. පිටිය තුළ විශිෂ්ඨත්වය

පරිපාලනමය විශිෂ්ඨත්වය යනු ක්‍රීඩක දක්ෂතාවල පදනමයි. ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදාදෙමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තලයට යළි රැගෙන ඒමයි.

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ඉන් පසුවත් මම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙමි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම මා ලද භාග්‍යයක් වන අතර මම එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකමි.

මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මම අපේක්ෂා කරන අතර, ඔබගේ ඉමහත් උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට මම ප්‍රතිඥා දෙමි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද (අප්‍රේල් 29) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊට අදාළ පත්වීමේ ලිපි ප්‍රදානය කර ඇත.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති අතර, ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ගනු ලබන්නේ, ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසිනි.

ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් කවුද?

අද දිනයේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර පත් කර ඇත.

මීට අමතරව නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර්, අවන්ති කොළඹගේ සහ ඩිනාල් ෆිලිප්ස් පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍ය වෙත පැවසීය.

‘මේක ක්‍රිකට් පරිවර්තන කමිටුවක්’

නව අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා නව කමිටුව පත් කර ඇති බව ය.

“නිලවරණයෙන් තේරී පත්වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ පාලක කමිටුව අද නිල වශයෙන් එයාලා ධූරයෙන් ඉල්ලා අස්වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මට තියෙන බලතල අනුව ක්‍රිකට් ආයතනයේ ඉදිරි වැඩකටයුතු සිදුකරන්න හිටපු ඇමති කෙනෙක් වෙන ඉරාන් වික්‍රමරත්න ඇතුළු 09 දෙනෙක් පත් කළා.”

“මේ කමිටුවේ අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වෙන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ඉන්නවා. මේක ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කරන්න පත් කරන කමිටුවක්.”

“අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කලින් තිබ්බ විදිහට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙලා ජයග්‍රහණ කුසලාන දිනන තැනට ආපහු පත් කරන්න අවශ්‍ය වෙනස්කම් මේ හරහා සිද්ධ කරන්න,” අමාත්‍යවරයා පැවසුවේ ය.

“අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කලින් තිබ්බ විදිහට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙලා ජයග්‍රහණ කුසලාන දිනන තැනට ආපහු පත් කරන්න අවශ්‍ය වෙනස්කම් මේ හරහා සිද්ධ කරන්න,” අමාත්‍යවරයා පැවසුවේ ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron