2010 උපන් දරුවන්ට දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාව ක්‍රියාවට නංවන්නේ කවදා ද?



වර්ෂ 2010න් පසු මෙරට උපන් සියලු ම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් යෝජනා කර තිබේ.

එම අධිකාරිය විසින් සකස් කරන ලද ‘Tobacco Free Generation’ සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දී ඇත.

ඒ, අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ය.

දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විද්වත් වෘත්තික සංවිධාන මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ගත යුතු ඉතා වැදගත් පියවර 02ක් පෙන්වා දී තිබේ.

ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා සංශෝධන රැගෙන ඒම ය.

දෙවැන්න, ‘දුම්කොළ රහිත අනාගත පරපුරක්’ යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලු ම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම ය.

‘දුම්කොළ භාවිතය නිසා වසරකට මිලියන 80ක් මිය යනවා’

වසරකට ලෝකයේ මිලියන 80ක පමණ ජනගහනයක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් මිය යන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපතිවරයා පැවසීය.

“සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් හැටියට ලෝකයේ ගත්තොත්, සිගරට් බීලා නෙමෙයි නමුත් සිගරට් බොන අය අහළ පහළ ඉඳලා ඒකෙන් වෙන ඉෆෙක්ට් එකෙන් තව මිලියන 10ක් විතර මැරෙනවා.”
“ටුබැකෝ කියන්නේ ලෝකයේ තියෙන ඇබ්බැහි වෙනසුලු භායනක ම මත්ද්‍රව්‍යයක්. නමුත් ඒක ශත වර්ෂ ගාණක් තිස්සේ ලෝකේ පුරා දිගට ම තිබිච්ච හින්ද යි, ඒකෙන් වෙන ඉෆෙක්ට් එක එක පාරට දැනෙන්නේ නැති හින්ද යි, අපිට හෙරොයින් වගේ දේවල්වලින් වෙන ඉෆෙක්ට් එක වගේ එකපාර දැනෙන්නේ නැහැ. නමුත් ඔක්කෝටම වඩා භායනක ම දේ තමයි දිගු කාලීනව දුම්කොළ පාවිච්චි කරන එක,”

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පෙන්වා දුන්නේ ය.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් වසරකට ලංකාවෙන් මරණ 22,000ක් පමණ වාර්තා වන බවත්, එය දිනකට ආසන්න වශයෙන් මරණ 60ක් පමණ වන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

දුම්කොළ තහනම ක්‍රියාත්මක වන තවත් රටවල්
ලෝකයේ රටවල් සිගරට් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉදිරි පරම්පරා මුදා ගැනීමට විවිධ ක්‍රම භාවිත කරන බව පැවසූ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා, ඔවුන් විසින් යෝජනා කර ඇති සංකල්පය රටවල් කිහිපයක ක්‍රියාත්මක වන බව ද කියා සිටියේ ය.

“ඔය කන්සෙප්ට් එක රටවල් ගණනාවක දැනට පටන් අරගෙන තියෙනවා. මාලදිවයිනේ 2008න් පස්සේ ඉපදුණ කට්ටියට තහනම් කළා ගිය අවුරුද්දේ. දැන් සති දෙකකට කලින් එක්සත් රාජධානියේ 2009න් පස්සේ ඉපදුණ කට්ටියට තහනම් කළා. ඒ වගේ තව රටවල් ගණනාවක, ඇමෙරිකාවේ සමහර ප්‍රාන්තවල ඒ වගේ තහනම් කරලා තියෙනවා. ඒ කන්සෙප්ට් එක තමයි අපිත් ඉදිරිපත් කරලා තියෙන්නේ.”

මෙම සංකල්පයට මෙරට පවතින සියලු ම වෛද්‍ය සංගම්වල ද සහය හිමිව ඇති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක කියා සිටියේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය ක්‍රියාවට නැංවීමට කැමැත්ත පළ කළ බවත්, ඉදිරියට ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

2010න් පසු උපත ලැබූවන් තෝරා ගත්තේ ඇයි?
නීති සම්පාදනය කර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යන කාලය සහ අනෙකුත් කරුණු සලකා බලා මෙය 2010 වසරෙන් පසු උපන් පුද්ගලයන්ට බලපාන ලෙස ක්‍රියාවට නැංවීමට යෝජනා කළ බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළේ ය.

“මාලදිවයිනේ ගිය අවුරුද්දේ බලාත්මක කළේ, 2008 ඉඳලා උපන් අයට බලපාන විදියට. එක්සත් රාජධානියේ මේ අවුරුද්දේ පටන් ගත්තේ 2009 අවුරුද්දේ අයට. අපේ එක මේ අවුරුද්දේ අන්තිම ලබන අවුරුද්ද වෙනකොට සමහර විට පටන් ගන්න පුළුවන් වෙයි. නීතිමය අවශ්‍ය කරන දේවල් ඉවර කරලා ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ පටන් ගන්න පුළුවන් වෙයි.”

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පැවසුවේ, පසුගිය වසර 10 සමග සංසන්දය කිරීමේදී තරුණ ප්‍රජාව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමේ අඩුවක් පෙන්නුම් කරන බව ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron