”පොලිසියත් සම්පූර්ණයෙන් ජේවිපිකරණය වෙලා තියෙන්නේ” -නාමල් රාජපක්ෂ-



අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින කළුතරදී මාධ්‍යවේදීන් ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කරමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“දැන් ඔය ජේවීපී එකම සීයට තුන තියෙන කාලෙත් ගෝල්ෆේස් එක පුරවලා රැස්වීම් කෙරුවා.හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මැතිවරණ කාලයේ දීපු පොරොන්දු ඉෂ්ඨ කරනවද නැද්ද කියලා.ඉතින් තමන් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න බැරි උනාම මැයි රැලි තියලා අපිට බැන්නට හරියන්නේ නැහැ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි මැයි රැලි කරේ නැහැ පෝය දවසේ හින්දා. අපි පන්සල්වල ආගමික වතාවත් කළේ.හැබැයි ඉතින් ජේවිපි මැයි රැළියේ අමතක කරන්නම බැරිෙච්ච වචන සෙට් එකෙන් එකක් තමයි රාජපක්ෂලා සහ පොහොට්ටුව.ඉතිං ඒකෙන්ම තේරෙනවා ඔවුන්ගේ මානසිකත්වය කොහොමද කියලා.ඉතින් ඒකෙත් කම්කරුවන්ගේ අයිතිය කම්කරුවන්ට වෙන සේවාවන් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද කම්කරුවෝ දිරිගන්වන්නෙ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා නෙවෙයි ජනාධිපතිවරයා කතා කළේ.ජනාධිපතිවරයා මැයි දිනයට නැගලා අපිව හිරේ දාන්නේ කොහොමද කියලා කතා කරනවා.ලැජ්ජාවේ බෑ! ඉතින් මේක තමයි මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ තනතුර වැටිච්ච තැන.ඉතින් ඔය ටික අහන මිනිස්සු මැයි දිනයකට එන්න ඕනද. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කරපු කාරණා ටික තමයි තවම කියන්නේ. හැබැයි ඉතින් අපි එදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු.

මහින්ද මහත්තයට අල්ලස් එකෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ගිහින් තියෙනවා.තාම ලිඛිතව ලියුම ඇවිල්ල නෑ සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක දෙනවා කියන්නේ ලියුම එනවා ඇති මඟ.ඉතින් සමාජ මාධ්‍යයේ තියෙන විදියටත් දැනගන්න තියෙන විදිහට අර බලහත්කාරයෙන් බලෙන් ලියා ගත්ත කට උත්තරය සම්බන්ධයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අහනවා කියලා කියන්නේ.ඉතින් ලියා ගත්තු කෙනත් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා බලහත්කාරයෙන් තමයි ලියා ගත්තේ කියලා ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් කටඋත්තරයක් ගන්න කෙනෙක්ව බලහත්කාරයෙන් බය කරලා කටඋත්තරයක් ලියාගෙන තියෙනවා.මහින්ද මහත්තයා ඉතින් ඔයිට වඩා දේවල් වලට උත්තර දීලා තියෙනවානේ. .

පෙරේදා කිව්වනේ වැඩි කරන්නේ නැහැ කියලා මැයි දිනයේ ඉවර වෙලා ගෙදර යනකොට වැඩි කරලා.ඉතින් ආණ්ඩුව බොරු කියනව කියල දැනගන්න්න එපැයි වැඩි කරන්නේ නැහැ කිව්වොත් වැඩි කරනවාම තමයි.

අපි තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා.ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා මැයි දිනයේදී ජෙවිපෙ වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දුන්නත් ගරු විනිශ්චකාරවරුව ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි.තව පැත්තකින් පොලිසියත් සම්පූර්ණයෙන් ජේවිපිකරණය වෙලා තියෙන්නේ.දැන් අපි දැක්කා පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් කවුරුත් අහන්නත් කලින් කවුරුත් කියන්නත් කලින් මරණ වාර්තාව එන්නත් කලින් පොලිසිය කියනවා සියදිවි හානි කරගෙනලු.ඉතින් පොලිසියට තියෙන හදිස්සිය මොකක්ද දන්නේ නැහැ අහන්නත් කලින් කියන්න.ඉතින් මේවා පිළිබඳවත් අපි හොයනවා මේවා පිළිබඳව සැකයක් තියෙනවා.

අපි පක්ෂයක් විදියට ශක්තිමත්ව මේ ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අපි ජනතාව එක්ක දේශපාලනය කරනවා. මොකද අපේ දේශපාලනයේ තියෙන්නේ රටේ ජනතාව එක්ක. අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්. ජනතාවාදී දේශපාලන පක්ෂයක්. ඉදිරි කාලසීමාවෙදිත් අපි රටේ ජනතාව එක්ක ශක්තිමත්ව ගොඩනැගෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගම්මට්ටමින් අද තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට පත්වෙලා තියෙනවා.

Hot this week

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට – ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන්...

ආණ්ඩුවත් මේක අසූඅට අසූ නමය නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා මුදල් ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව...

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා...

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගයට දින දෙයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට...

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට 

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා...

Topics

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට – ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන්...

ආණ්ඩුවත් මේක අසූඅට අසූ නමය නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා මුදල් ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව...

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා...

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගයට දින දෙයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට...

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට 

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා...

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය...

මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයි

විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන...

වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මොනවා ද ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron