එල්නිනෝ අවදානමෙන් අපේක්ෂිත වැසි ඉදිරියේදී නොලැබෙයි ද?

නිරිතදිග මෝසම සමඟ ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ හේතුවෙන් නිරිත දිග මෝසම් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවය.

එමෙන්ම මැයි 15න් පසුව නිරිත දිග මෝසමේ කාලපරිච්චේදයට අනුරූපව සුළං හමන රටාවෙහි ද වෙනස්වීමක් අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,

”ඉදිරියේ අපිට එළඹෙන්නේ නිරත දිග මෝසම් කාල පරිච්ඡේදය.. ඒක මැයි මාසයේ ඉඳන් සැප්තැම්බර් වෙනකල් තියෙනවා.. මේ නිරිත දිග මෝසම ආරම්භ වන විට අපිට පැහැදිලිව පේනවා මැයි මාසයේ ඉඳන් ක්‍රම ක්‍රමයෙන් එල්ලිනෝ තත්ත්වයක් වර්ධනය වන බව.. එතකොට මේ තත්ත්ව දෙකම හේතු කරගෙන විශේෂයෙන්ම නිරිත දිග මෝසමේ වැසි තත්ත්වය තරමක් අඩු වෙන්න පුළුවන්.. මැයි 15න් පස්සේ නිරිත දිග මෝසමේ කාලපරිච්චේදයට අනුරූපව සුළං හමන රටා වෙනස්වීමක් අපිට පෙන්නුම් කරනවා… එවැනි අවස්ථාවලදී බොහෝ විට නිරිත දිග කොටසේ වැසි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුලුවන්.. උදේ ඉඳන් චිරි චිරි වැස්සක් වැටෙන්න පුලුවන්.. අකුණු ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්.. එසේ ටිකෙන් ටික වැස්ස ලැබෙනකොට අධික උණුසුම ක්‍රම ක්‍රමයෙන් පහළ යයි කියලා අපි ජනතාවට මතක් කරනවා..”

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

Hot this week

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට – ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන්...

ආණ්ඩුවත් මේක අසූඅට අසූ නමය නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා මුදල් ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව...

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා...

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගයට දින දෙයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට...

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට 

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා...

Topics

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය...

මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයි

විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන...

වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මොනවා ද ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron