පිල්ලෙයාන් හම්බෙන්න ගියා තමයි – නාමල් රාජපක්ෂ

2018/2019 කාලසීමාවේදී බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීමට තමන් ගිය බවත් එය කිසිසේත් රහසක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

X සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, 2015 ජනාධිපතිවරණයට මෙන් ම 2018 පළාත් පාලන මැතිවරණයට ද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටිය බව ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිව ම මෙමගින් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි.

නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි. මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?

ජාතික ජන බලවේගය විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.

ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. 

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි”

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron