කපිල පෙරේරා රාජ්‍ය නිලධාරියෙක්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය –

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාට එම ධුරයේ රාජකාරි කිරීමට බාධා කර, ඔහු අවමානයට හා දැඩි මානසික කනස්සල්ලට ලක් කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 19 වැනිදා තීන්දු කර තිබෙනවා.

තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ලේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙත්සම්කාර සත්‍යානන්ද මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමා රාජ්‍ය පරිපාලන සේවයේ වසර 30 ක පමණ දීර්ඝ පළපුරුද්දක් සහිත නිලධාරියෙකු බවත් 2024 දෙසැම්බර් මස 18 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නිල ලිපියකට අනුව තමන්ව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කළ බවත්, ඒ අනුව එදිනම තමන් සේවයට වාර්තා කළ බවත් ඔහු සඳහන් කර තිබුණා.

පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ එදින දහවල් 12.30 ට පමණ තමන් රැඳී සිටි නිල කාමරයට පැමිණි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා, ඔබගේ සේවය මෙහි අවශ්‍ය නැතයි පවසමින් වහාම කාර්යාලයෙන් පිටව යන ලෙස තමන්ට දැනුම් දුන් බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයා උසස් රාජ්‍ය නිලධාරියෙකුට කිසිසේත්ම නුසුදුසු අයුරින් එලෙස හැසිරීම නිසා තමා දැඩි ලෙස අවමානයට මෙන්ම බරපතල මානසික කනස්සල්ලට පත් වූ බවත්, එම අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ 2022 දෙසැම්බර් 14 වන දා නිකුත් කළ අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ අන්තර්ගත රාජ්‍ය සේවා කොමිෂන් සභා රීතිවල 107 වන රීතියට අනුව, අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ පරම බලය පවතින්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බවයි. එමෙන්ම එම රීතිවල 61 වගන්තිය ප්‍රකාරව, නීත්‍යානුකූල රාජකාරියකදී හැර සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිසමේ හෝ එහි කමිටුවක තීරණයකට බලපෑම් කිරීමට හෝ බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු වරදකරුවකු වන බවත්, එවැනි වරදකට රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර 7 ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි බවත් තීන්දුවේ අවධාරණය කෙරුණා.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසම විසින් කරන ලද නීත්‍යානුකූල පත් කිරීමකට මැදිහත් වෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යය (Rule of Law) බරපතල ලෙස අඩපණ කිරීමක් මෙන්ම, පොදු ජනතාව ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය මුළුමනින්ම කඩ කිරීමක් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ භාරකරුවෙකු වන අතර තමන්ට පැවරුණු බලතල මහජන විශ්වාසය මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට ඔවුන් වගබලා ගත යුතු බවත්, සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම එවැනි ආදර්ශමත් හැසිරීමක් අපේක්ෂා කිරීමට රටේ වැසියන්ට අයිතියක් ඇති බවත් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල තිබූ පමණින්, නිලධාරීන් පත් කිරීම හා මාරු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට ඇති ව්‍යවස්ථාපිත බලතල තමා යටතට ගැනීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව අවධාරණය කළා.

අවසාන වශයෙන්, වගඋත්තරකාර ලේකම්වරයා විසින් පෙත්සම්කරුට මිනිසෙකු සහ රාජ්‍ය නිලධාරියෙකු ලෙස හිමි ගෞරවය කෙලෙසා ඇති බව නිගමනය කළ අධිකරණය, ඒ අනුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ” මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවට ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron