එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.
එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳි මහතා මේ බව පැවසීය.
මෙහිදී මෙම එල් -නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය වනවිට එහි උච්චතම අවස්ථාවට පැමිණිය හැකි බව ද ඒ මහතා පැවසීය.
මේ අතර ජූලි, අගෝස්තු, සැප්තැබර් යන මාසයන් ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් ඇති කාලසීමාවක් විය හැකි බවද පරිසර අමාත්‍යවරයා සඳහන් කරයි.


