යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අසනීප තත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විසින් අවවාද කළේය. 

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730 කට අධික ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. 

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron