ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹෙයි

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ. 

“ජාතික සුපිලිපන් සතිය” අද පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිලිපන් දිවුරුම’ ලබා දීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ  වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

මෙහිදී ‘සුපිලිපන්භාවය’ (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.  

ඒ අනුව මෙම ජාතික සුපිලිපන් සතිය පහත පරිදි සැලසුම් කර තිබේ.

ජූලි 27-  ආයතනික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 28- මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම
ජූලි 29- ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීයීය සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 30- මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 31-පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම  යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” මගින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි භාරගනු ලැබේ. 

මහජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල (Email),ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

ජූලි 31 වැනිදායින් පසු, දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron