මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස ,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යන අදියර 2 යටතේ අවධානයෙන් සිටින්න (ඇම්බර්) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර අදියර  1 යටතේ විමසිලිමත්ව සිටින්න,

මහනුවර දිස්ත්‍රික්කය
පන්විල සහ මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය
දෙහිඕවිට සහ දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය
නිවිතිගල සහ කුරුවිට

අදාළ නිවේදනය අද (03) උදෑසන 09 සිට හෙට (04) උදෑසන 09 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව පවතින බැවින් අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම්දෙනු ලබයි.

පසුගිය දිට්වා කාලයේ ඇති වූ අනතුරුදායක ස්ථානවල ජනතාව ජීවත්වනවානම් මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ද එම ආයතනය වැඩිදුරටත් පවසයි. 

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron