පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු කළ හැකි බව ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලේ (BMH) වෛද්‍යවරුන් පවසා සිටියි.

2026 ජූලි 31 වන දින කොළඹ ග්‍රෑන්බෙල් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.

 ‘කොඳු ඇට පෙළේ සැත්කම්වල නවතම ප්‍රවණතා’ තේමාව යටතේ පැවැති මෙම හමුවට BMH රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඩොක්ටර් ආනන්ද් පායි සහ කොඳු ඇට පෙළ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඊශ්වර් රාමණී සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ඩොක්ටර් රාමණී පැවසුවේ, පැතිකුදය රෝගයෙන් පෙළෙන බොහෝ දරුවන්ට හෘදය, පෙනහැලි හෝ උකුල් ඇට ආශ්‍රිත වෙනත් සෞඛ්‍ය ගැටලුද පැවැතිය හැකි බවයි. එම නිසා මෙම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එක් වෛද්‍යවරයකු වෙනුවට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ සහාය ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

සැත්කම්වලදී රෝගියාගේ ස්නායුවලට හානි වේ යැයි දෙමාපියන් තුළ පවතින බිය පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරයා පැවසුවේ සැත්කම අතරතුර ස්නායු ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන නවීන තාක්ෂණය භාවිත කරන බවයි. එමගින් කොඳු ඇට පෙළට සිදුවිය හැකි අවදානම් පිළිබඳව වෛද්‍යවරුන්ට කඩිනමින් සංඥා නිකුත් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම, GPS තාක්ෂණය මෙන් ක්‍රියාකරන විශේෂ තාක්ෂණික ක්‍රමවේද මගින් කොඳු ඇට පෙළට යකඩ ඇණ සහ මෙවලම් සවිකිරීම ඉතා නිවැරදිව සිදු කළ හැකි බවත්, සැත්කම අවසන් වීමට පෙර X-ray පරීක්ෂණ මගින් ඒවා නිවැරදි ස්ථානවල ඇද්දැයි තහවුරු කරගන්නා බවත් ඔහු කීය.

අවුරුදු හතර හමාරක් තරම් කුඩා දරුවන්ට පවා වැඩෙන කොඳු ඇට පෙළට ගැලපෙන පරිදි සකස් කළ හැකි විශේෂ සැත්කම් ක්‍රම පවතින අතර, දරුවාගේ වර්ධනයත් සමග කුඩා කැපුම් හරහා ඒවා වෙනස් කරනු ලැබේ. පසුව දරුවාට අවුරුදු 12ක් පමණ වන විට ස්ථිර සැත්කම සිදු කරනු ලබන බව ඔහු පැවසුවේ ය.

එසේම, සෑම රෝගියකුටම සැත්කම් අවශ්‍ය නොවන බවත්, රෝගී තත්ත්වයේ ස්වභාවය අනුව ව්‍යායාම සහ විශේෂ පටි (braces) පළඳවා ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. වයස අවුරුදු 7ත් 12ත් අතර දරුවන්ගේ උරහිස් හෝ උකුල් ඇට අසමබර ලෙස පැවතීම, උරපත ඉදිරියට නෙරා තිබීම වැනි ලක්ෂණ තිබේදැයි විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි ඔහු, මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් සැත්කම් නැතිව ප්‍රතිකාර කළ හැකි බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පායි පැවසුවේ, සිය රෝහල වසර 40කට වැඩි කාලයක් පුරා ජනතාවට සේවය කරන බවයි. ඇඳන් 650කින් සමන්විත BMH රෝහල, ලෝකයේ දියුණුම රෝහල්වල පවතින නවීනතම තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් සමන්විත බව ඔහු කීය.

ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ලබාදෙන සහන පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වෙනත් රටවලට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙහිදී ප්‍රතිකාර ලබාගත හැකි බවයි. ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා 20%ක ගාස්තු සහනයක් ලබාදෙන අතර, ගමන් වියදම් දැරීමට නොහැකි අය සඳහා ගුවන් ටිකට්පත් සහ නවාතැන් පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සැත්කමෙන් පසුවද දුරකථනය, වට්ස්ඇප් (WhatsApp) මගින් රෝහල හා සම්බන්ධ විය හැකි බවත් සහ වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා සංචාර හරහා රෝගීන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන බව වෛද්‍යවරු දෙදෙනා වැඩිදුරටත් පැවසූහ.

බේබි මෙමෝරියල් රෝහල පිළිබඳව

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි බේබි මෙමෝරියල් රෝහල (BMH) 1987 වසරේදී ආරම්භ කරන ලද ප්‍රමුඛ පෙළේ රෝහල් සමූහයකි. පිළිකා ප්‍රතිකාර, රොබෝ සැත්කම් ඇතුළු උසස් වෛද්‍ය පහසුකම් රැසකින් සමන්විත මෙම රෝහල, වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි.

  • BMH Scoliosis උපකාරක අංකය: 071 088 6885
  • විද්‍යුත් තැපෑල: corpcomm@bmhcare.in
  • වෙබ් අඩවිය: https://www.babymemorialhospitals.com/

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron