විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.දේශීය ආදායම් සංශෝධන පනතට අනුව මෙම බදු අයකිරීම සිදුකරන බවට දෙපාර්තමේන්තුව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් විවිධ අධිකරණ නිලධාරීන්ගේ සංගම් විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගම් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.


