“අපි නිවැරදිකරුවන් ” යැයි කියමින් පාස්කු නඩුවේ විත්තිකරුවෝ අධිකරණය හමුවේ කී කතා

2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ අවසන් තීන්දුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

දීර්ඝ සාක්ෂි විමසීමකින් අනතුරුව, පැමිණිල්ල විසින් එල්ල කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට සමත් වීම හේතුවෙන් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නීතිය හමුවේ තීන්දු විය. ඒ අනුව, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් ද, නවුෆර් මවුලවි ඇතුළු තවත් 5 දෙනෙකුට වසර 220 බැගින් ද, ගෆූර් මාමා ඇතුළු 4 දෙනෙකුට වසර 240 බැගින් ද, අටවන විත්තිකරුට වසර 260ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. මීට අමතරව මෙම වරදකරුවන්ගේ සියලු නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය. කෙසේවෙතත්, චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම නිසා විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ අදහස් දැක්වූ වරදකරුවන් වූ ඇතැම් විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන් මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති බවත්, සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ පසුවන බවත්ය. කෙසේවෙතත්, අන්තවාදී දේශන පැවැත්වීම, අවි පුහුණුව ලබාදීම සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යමින් කුමන්ත්‍රණයට අනුබල දීම යන කරුණු මත පදනම්ව ඔවුන් වැරදිකරුවන් බවට පත්වූ අතර, දඬුවම් නියම වීමෙන් අනතුරුව ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කෙරිණි.

මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් ISIS ත්‍රස්ත සංවිධානය, මනෝරාජික ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ලොව පුරා තරුණයින් රැඩිකලීකරණය කරමින් ත්‍රස්ත ක්‍රියාකාරකම්හි නිරත වන බව ද මෙම නඩු තීන්දුවත් සමඟ නැවත මතක් කරදී තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron