අරවින්ද ද සිල්වා තැබූ ඇප රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළ පරීක්ෂණවල සැකකාරියක වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇගේ ඇපකරුවන් තැබූ ඇප මුදල් රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග ප්‍රකාශයට පත් කළේය.

අදාළ සැකකාරිය වෙනුවෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇපකරුවන් ලෙස පෙනී සිට තිබුණි.

අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතා ඇතුළු ඇපකරුවෝ දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියහ. එහිදී ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අද දින රුපියල් මිලියන 20ක මුදලක් ගෙවීමට සූදානම් බවයි.

ඉදිරිපත් වූ කරුණු අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරයා, අද දින රුපියල් මිලියන 20ක මුදල අධිකරණයට භාරදෙන ලෙසත්, ඉතිරි මිලියන 20ක ඇප මුදල එළඹෙන ඔක්තෝබර් 17 වැනිදාට පෙර ගෙවා නිමකරන ලෙසත් නියෝග කළේය.

සැකකාර ප්‍රියංකා නියෝමාලි මහත්මිය දැනට අධිකරණය මඟහැර සිටින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron