අද (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉතා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අද පස්වරු 1.00න් පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වර්ෂාපතනයක් ලැබිය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයක් මෙන්ම දැඩි අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින්, එමඟින් සිදුවිය හැකි ජීවිත සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. එළිමහනේ හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකීම මෙහිදී වඩාත් වැදගත් වේ
මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.


