දරුවන්ට සුරක්ෂිත පරිසරයක් සහ සමාන අවස්ථා තහවුරු කිරීමට රජය කැපවී සිටිනවා – ජනපති

ජාතියේ වටිනාම සම්පත වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ඕනෑම රජයක ප්‍රධානතම වගකීම වන බව ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

රටේ අනාගතය තීරණය වන්නේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ අපේක්ෂා මත බැවින්, අද දවසේම ඔවුන්ගේ කුසලතාවලට පූර්ණ ඉඩකඩ සලසන පරිසරයක් නිර්මාණය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කිසිදු ජාති, ආගම්, භූගෝලීය හෝ ආර්ථික වෙනස්කමකින් තොරව සෑම දරුවෙකුටම අධ්‍යාපනය, නිසි පෝෂණය, සෞඛ්‍යය මෙන්ම සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂාව ලැබීමේ අයිතිය තහවුරු කළ යුතු බවද එම නිවේදනයේ ස සඳහන් වේ.

දෙමාපියන්ට බරක් නොවන සහ වර්තමාන ලෝකයට ගැලපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, ශිෂ්‍යත්ව ක්‍රමවේද පුළුල් කිරීම සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ප්‍රකාශ කරයි.

එසේම, අස්ථාවර ආර්ථික බලපෑම්වලින් තොර සුන්දර ළමා වියක් උරුම කර දීම සඳහා ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කරමින් සිටින බවත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් දරු පරපුර මුදාගැනීම වෙනුවෙන් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙවර “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇති ජාතික ළමා දින සැමරුම් වැඩසටහන් ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකේය සියලු දූ පුතුන්ට සතුට හා බලාපොරොත්තුව පිරි සුබ ළමා දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron