නාමල්ගේ ලේකම්ට ඇප, විදේශ ගමන් තහනමක් ද පනවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

පසුගිය 16 වනදා රාත්‍රියේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහ මහතාගේ නිවස විශේෂ සෝදිසියකට ලක්කර තිබිණි. එම මෙහෙයුමේදී නිවසේ තිබී හමුවූ ආරක්ෂිත සේප්පුවක් නිලධාරීන් භාරයට ගෙන තිබූ අතර, එහි තිබී රුපියල් ලක්ෂ 18ක මුදලක් සොයාගෙන තිබේ.

අදාළ මුදල උපයාගත් ආකාරය හෝ එහි නීත්‍යානුකූල මූලාශ්‍රය තහවුරු කිරීමට සැකකරු අපොහොසත් වීම හේතුවෙන් ඊයේ දිනයේදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron