හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ සේවය වහාම අත්හිටුවයි.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට අදාළව, එම පොලිස් ස්ථානයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, මීට පෙර ද හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබිණි. එසේම වැඩ තහනමට ලක්වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (28) දිනයේදී අත්අඩංගුවට ද පත්විය.

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූ ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා පසුගිය 25 වැනිදා මෙලෙස මියගොස් තිබිණි. කෙසේ වෙතත්, තම ඥාතියා මියගියේ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම් හේතුවෙන් බවට මියගිය තරුණයාගේ පාර්ශ්වය දැඩි ලෙස චෝදනා කරයි.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට පවත්වා අවසන් කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය

Hot this week

අප්‍රිකානු සූකර උණ යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක්,මිනිසුන්ට හානියක් නැ.

මාරාන්තික අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස...

නාමල්ගේ රුපියල් මිලියන 15 මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන්...

හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන...

රටවල් 13ක සැඟව සිටින රතු වරෙන්තුකරුවන් 112ක් 2027 වන විට මෙරටට.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති මෙරට ප්‍රබල අපරාධකරුවන්...

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Topics

පිරමීඩ ජාවාරම් නමමින් සමාගම් සහ ඇප් 27ක් මහ බැංකුවෙන් තහනම්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර,...

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron