තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ආයතන 27ක් ශ්රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83(ඇ) වගන්තිය යටතේ සිදුකළ විමර්ශනවලින් පසුව මෙම පියවර ගෙන ඇත.
සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සහ ඊට අනුබද්ධ ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) හා ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) ඇතුළු ආයතන රැසක් මෙලෙස නීති විරෝධී පිරමීඩ ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී තිබේ. අදාළ පනතේ විධිවිධාන යටතේ තහනම් කරන ලද සමාගම් සහ යෙදුම් ලැයිස්තුව මහ බැංකුව විසින් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්රසිද්ධ කර ඇත.


