අප්‍රිකානු සූකර උණ යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක්,මිනිසුන්ට හානියක් නැ.

මාරාන්තික අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය අනතුරු අඟවයි. කෙසේ වෙතත්, මෙම රෝගය සතුන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බැවින් පාරිභෝගික ජනතාව හෝ සූකර ගොවීන් මේ පිළිබඳ අනවශ්‍ය භීතියක් ඇති කරගත යුතු නැති බව බලධාරීහු අවධාරණය කරති.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා සඳහන් කළේ, දිවයිනේ මහා පරිමාණ ගොවිපළවල් 48ක සතුන් 1,200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී සතුන් විශාල සංඛ්‍යාවකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, පරීක්ෂා කළ ප්‍රධාන පෙළේ අභිජනන මධ්‍යස්ථාන තුනෙන් දෙකකම රෝග කාරකය පැතිර ගොස් ඇති බව හඳුනාගෙන තිබේ.

මෙම රෝගය සඳහා මෙතෙක් ලොව පුරා කිසිදු එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බැවින්, රෝගය මර්දනය කළ හැක්කේ දැඩි ජෛව ආරක්ෂණ ක්‍රමවේද සහ නිසි මාර්ගෝපදේශ පිළිපැදීමෙන් පමණක් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර පියසිරි මහතා කියා සිටියේ, මෙම වෛරසය ආසාදනය වන සතුන් 100%ක්ම මරණයට පත්වන බැවින් සූකර කර්මාන්තයට සහ ආර්ථිකයට මෙයින් දැඩි බලපෑමක් එල්ල වන බවයි. පරිසරය තුළ දීර්ඝ කාලයක් සක්‍රීයව පැවතිය හැකි මෙම ක්ෂුද්‍ර ජීවියා මිනිසුන් භාවිත කරන ඇඳුම්, පාවහන්, ගොවිපළ උපකරණ මෙන්ම ප්‍රවාහන වාහනවල රෝද ආශ්‍රිතව එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ව්‍යාප්ත විය හැකිය.

රෝගී සතුන්ගේ ඛේටය සහ නාසයෙන් පිටවන ශ්‍රාවයන් ආඝ්‍රාණය වීමෙන් හෝ ආහාරයට එක්වීමෙන් නිරෝගී සතුන්ට රෝගය බෝවන අතර, පෙනහළු, වකුගඩු හා වසා පද්ධතිය ඉදිමීම සහ ප්‍රජනන ක්‍රියාවලිය අඩපණ වීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

මෙම වෛරසය මිනිස් සිරුරට බලපෑමක් ඇති නොකළ ද, රෝගය වැළඳී මියයන සතුන්ගේ මස් පරිභෝජනයට ගැනීමෙන් වෙනත් ද්විතීයික විෂබීජ සහ අතුරු ආසාදන හටගැනීමේ අවදානමක් පවතින බැවින්, එවැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Hot this week

නාමල්ගේ රුපියල් මිලියන 15 මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන්...

හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන...

රටවල් 13ක සැඟව සිටින රතු වරෙන්තුකරුවන් 112ක් 2027 වන විට මෙරටට.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති මෙරට ප්‍රබල අපරාධකරුවන්...

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

පිරමීඩ ජාවාරම් නමමින් සමාගම් සහ ඇප් 27ක් මහ බැංකුවෙන් තහනම්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම...

Topics

හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ සේවය වහාම අත්හිටුවයි.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර,...

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron