අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 01 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
අදාල නඩුව (15) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී , නඩු විභාගය සඳහා අවශ්‍ය බවට විත්ති පාර්ශ්වය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිල්ල විසින් විද්‍ය පාර්ශ්වයට විවෘත අධිකරණය හමුවේ භාරදී ඇති බව සඳහන් වෙයි.
තවත් අවශ්‍ය ලේඛන වේ නම්, ඒ සම්බන්ධයෙන් සති 02 ක් ඇතුලත අධිකරණයට දන්වා සිටින ලෙස විනිසුරුවරිය විසින් විත්ති පාර්ශ්වයට නියම කළ අතර, නඩුව යළිත් ඔක්තෝබර් 01 වෙනදා කැඳවීමට නියම කර තිබේ.
2020 වසරේ අගෝස්තු මස 13 වෙනිදාසිට 2024 වසරේ ජුනි මස 24 දක්වා කාල සීමාව තුළ, ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යාංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්කැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.


