Thursday, January 1, 2026
20 C
Sri Lanka

මහීපාලගේ බිරිඳට වැව් රක්ෂිතයේ හෝටලයක්

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තම බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්වස් හැටක භූමි භාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් ඇතුළත කඩා ඉවත් කර ගන්නා මෙන් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට පවතී.

එබැවින් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන මහතා සඳහන් කර ඇත්තේ පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී වැව් රක්ෂිතය තුළම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරීම සඳහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීමේ හේතුවෙන් එය තඩා ඉවත්කර ගන්නා ලෙසට දැනුම් දුන් බව‍යි.

එසේම මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇති බව වාර්තා වේ.

තවද පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකොට තිබෙන බව මායිම් සලකුණු කිරිමේදි හදුනාගත් බවත් ඒවා පිළිබඳව කමිටුවට කරුණු ඉදිරිපත් කොට අනතුරුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා සඳහන් කළේ ය.

එමෙන්ම හිටපු ආණ්ඩුකාර බිරිද මසක් තුළ මෙම අනවසර ඉදිකිරිම් ඉවත්කර නොගන්නේ නම් එම ඉදිකිරිම් රජය මගින් ඉවත්කරන බවද මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

තවද, අනුරාධපුර නුවර වැවේ වැව් රක්ෂිත අලුතින් සීමා කිරීම නිසා අවට පදිංචිකරුවන් හා කර්මාන්තකරුවන් බරපතළ අර්බුද රැසක පැටලී ඇති බව සඳහන් වෙයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron