Saturday, December 27, 2025
18.3 C
Sri Lanka

සත්ත්ව සංගනන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත – ඇමති නාමල්

සත්ත්ව සංගනන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

ආහාර බෝගවලට හානිකරන සතුන් හඳුනා ගැනීමට සහ නිසි අධ්‍යනයක් සිදුකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකරන ලද මෙම සත්ත්ව සංගනනය පසුගිය මාර්තු 15 දින දිවයින පුරා සිදුකෙරුණි.

එකම වේලාවකදී සිදුකර ඇති මෙම සංගනනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති අතර, ප්‍රතිඵල අනුව ජනතාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී.”

මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.

ඒ අනුව, 

රිළවුන් – 5,197,517
වඳුරන් – 1,747,623
දඬුලේනුන් – 2,666,630
මොනරුන් – 4,285,745
 
තවද, මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගනනය සිදුකර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron