Abhishek Sharma ඉන්දියාවත් සමඟ පෙරටම – පැතුම්ගෙන් බලාපොරොත්තුවක්

පසුගිය දා නිමා වුනු ආසියානු කුසලානයත් සමඟම විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම් කිහිපයක් සිදු වුනා.

මේ අතරින් කැපී පෙනෙනනම ක්‍රීඩකයෙක් විදිහට පැතුම් නිස්සංකගේ නමත් දකින්න ලැබීම විශේෂත්වයක්.

නිමා වුනු තරගාවලියේ දී පැතුම් විසින් ඉනිම් හයක් තුළ ලකුණු 261ක් වාර්තා කරන්න සමත් වුනා. පැතුම්ගේ පිතිකරණ සාමාන්‍යය 43.50ක් විදිහට සටහන් වුනා. මේ දක්ෂතා එක්ක පැතුම්ගේ නම ආසියානු කුසලානයේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා විදිහට තමයි සටහන් වුනේ. පැතුම් දෙවැනි තැනට ඇදලා දාපු ඉන්දියාවේ Abishek Sharma ඉනිම් හතක් තුළ ලකුණු 314ක් ලබා ගන්න සමත් වෙනවා. Sharmaගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 200ක් විදිහට සටහන් වුනා. සාමාන්‍යයෙන් විස්සයි විස්ස තරගයක පවා එක දිගට 200 ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීම සෑහෙන්න පුදුම හිතෙන කාරණයක්. අපේ කතා නායකයා පැතුම්ගේ ප්‍රහාරාත්මක වේගය 160.12ක් ලෙස සටහන් වීමත් විශේෂත්වයක්. මේ අගයත් නොසලකා හරින්න බැරි තරම් ම විශිෂ්ටයි.

ආසියා කුසලානයේ දී Abhishek Sharmaගේ මේ දරුණු පිතිකරණ රටාව නිසා ඉන්දියාව ඉතාම පහසුවෙන් කුසලානය කරා යනවා. Sharma අසාර්ථක වුන එකම තරගය වුන අවසන් මහා තරගය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තරගය විතරයි ඉන්දියාවට තරමක් හරි හිසරදයක් බවට පත් වුනේ.

Sharmaගේ මේ පිතිකරණ රටාව නිසාම ඔහු මේ වෙද්දී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයත් තමන්ගේ කරගන්න සමත් වෙලා තියෙනවා. දැනට ICC නිල වෙබ් අඩවියේ සටහන් වෙන විදිහට Sharma ශ්‍රේණිගත කිරීම් ලකුණු 926ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙතෙක් ඉතිහාසයේ විස්සයි විස්ස පිතිකරුවෙක්ට හිමි වුනු වැඩිම ලකුණු ප්‍රමාණය තමයි ඒ. 

මේ අතරේ අපේ කතා නායක පැතුම් නිස්සංක ශ්‍රේණිගත කිරීම් ලකුණු 779ක් එක්ක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 05 වැනි ස්ථානය තමන්ගේ කරගන්න සමත් වෙනවා. ඔහු පෙර හිටියාට වඩා ස්ථාන දෙකක් ඉදිරියට එනවා.

වැදගත් ම දේ තමයි විස්සයි විස්ස පිතිකරුවන් අතර ලෝකේ මුල් දහය අතරේ රැඳෙන පැතුම් එක්දින සහ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල ලෝකේ මුල් විස්ස අතරෙත් රැඳීම. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 16 වෙනි ස්ථානය වගේම, එක්දින ශ්‍රේණිගත කිරීම් වල 13 වැනි ස්ථානයත් දැන් පැතුම්ගේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කාලෙකට පස්සේ හැම තරග රටාවක් ම අතික්‍රමණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඉදිරියට එනවා දකින්න ලැබෙන්නේ ඒ විදිහට.

මේ අතරේ ම නිමා වුන ආසියානු කුසලානයේ තවත් සුවිශේෂී සිදුවීමක් දකින්න ලැබුණා. ඒ තමයි පාකිස්තානයේ Saim Ayubගේ පන්දු යැවීම. පිතිකරුවෙක් විදිහට කැපී පෙනෙමින් හිටපු Ayub මෙවර තරගාවලියේ දී පිත්තෙන් අතිශය අසාර්ථක වෙනවා. ඒත් ඔහු පන්දුවෙන් සාර්ථක වෙන්නේ තරගාවලිය තුළ කඩුලු 08ක් දවා ගනිමින්.

ඔය දක්ෂතාවත් එක්කම Saim Ayub විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් වෙන්න සමත් වෙනවා. 

ආසියානු කුසලානය අවසන් වෙනවාත් එක්කම ලෝක ශ්‍රේණිගතකිරීම් වල කැපී පෙනෙන වෙනස්කම් සිදු වුනේ ඒ විදිහට!

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron