ඉන්දීය නිළි සායි පල්ලවි සිය සොහොයුරිය වන රංගන ශිල්පී පූජා කන්නන් සමඟ මෑතකදී වෙරළ නිවාඩුවක් ගත කළ ඡායාරූප වයිරල් වීමත් සමඟ සමාජ මාධ්‍ය තුල වැඩි දෙනාගේ අවධානය යොමු වන්නට විය.
පූජා සති අන්තයේ ඔවුන්ගේ සංචාරයේ ඡායාරූප පෙළක් Instagram හි “බීච් හයි 🌊 #sunkissed 📸 @saipallavi.senthamarai” යන caption එක සහිතව බෙදාගෙන තිබේ. එම සටහනේ පූජා වෙරළ තීරයේ විවේක ගන්නා ඡායාරූප කිහිපයක් සහ සායි පල්ලවිගේ ඡායාරූප කිහිපයක් ඇතුළත් විය.
සායි පල්ලවි පිහිනුම් ඇඳුමකින් සැරසී සිටින ආකාරය දැක්වෙන එක් විශේෂිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් කොටසකගේ විවේචනයට ලක් වූ අතර, ඔවුන් ඇයගේ සාමාන්‍යයෙන් නිහතමානී හා සරල මහජන ප්රතිරූපයෙන් බැහැරවීමක් ලෙස කියා විවේචනය කරන්නට විය.
කෙසේ වෙතත්, බොහෝ රසිකයන් ඇය වෙනුවෙන් පෙනි සිටි අතර, වෙරළට පොදු ඇඳුමක් වන පිහිනුම් ඇඳුමක් මතභේදාත්මක ලෙස සැලකිය යුත්තේ මන්දැයි ප්‍රශ්න කළහ. ඇය නිදහස් මොහොතක් භුක්ති විඳීම ගැන ආධාරකරුවන් ඇයට ප්‍රශංසා කළ අතර විවේචනය අනවශ්‍ය සදාචාරාත්මක හැසීරීමක් ලෙස දැක් වූහ.


