2025 අගෝස්තු 27 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 6 වෙනකන් ඉතාලියේ ලිඩෝ දූපතේදී පවත්වනවා.
1932 දී ආරම්භ වුණු මේ උත්සවය අද වනවිටත් ගෝල්ඩන් ලයන් (Golden Lion) සම්මානය මගින් සිනමා ක්ෂේත්රයට අලුත් වර්ණයක් ලබා දෙන ප්‍රධාන සිනමා උළෙලක් වෙනවා….
මේ අවුරුද්දේ දැනට සිද්ධවුණු ප්‍රධාන සිදුවීම් ගත්තොත්,
Guillermo del Toro අධ්‍යක්ෂනය කළ “Frankenstein” චිත්‍රපටිය මෙවර උළෙලේ විශාල අවධානය ගත්ත චිත්‍රපටියක් බවට පත් උනා.
ප්‍රදර්ශනය අවසන් වෙලා විනාඩි 13–14ක් පුරාවටම අඛණ්ඩ අතපොලොසන් නාදයක් ලැබුණා.
ඒ චිත්‍රපටියේ ප්‍රධාන රංගන ශිල්පියෙකු උන Jacob Elordi ඒ සතුටට ඇඬුවා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ වගේම තමා Oscar සම්මානලාභිනියක් උන Julia Roberts අවුරුදු ගාණකට පස්සේ Venice උළෙලේ රතු පලස මතින් දකින්න ලැබුණා.
එයාගේ Atelier Versace ගවුම ගොඩක් අයගේ කතාබහට ලක් උනා.
Venice සිනමා උළෙලේ දී කැපී පෙණුන චිත්‍රපට විදියට,
Park Chan-wookගේ No Other Choice
Noah Baumbachගේ Jay Kelly සහ Emma Stone රඟපාන “Bugonia”
Jim Jarmuschගේ “Father Mother Sister Brother” වගේ චිත්‍රපටි සළකන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ උත්සවය තියෙන්නේ අගෝස්තු අග හෝ සැප්තැම්බර්.
මේ අවුරුද්දේ අගෝස්තු 26 ඉඳන් සැප්තැම්බර් 06 වැනිදා වෙනකන් උළෙල පැවැත්වෙනවා.
උළෙල ඉවර උනාම සම්මානලාභීන් ගැන වගේම ඒ චිත්‍රපටි ගැනත් තව විස්තර කතා කරමු.


