ආයු බලමුද?

තරිඳු උඩුවරගෙදර whatnews.lk වෙත ලියූ ලිපියකි.

ජගත් මනුවර්ණ දුම්වැටිය දල්වනවා. ඔහුගේ මුහුණට ගිනිදැල්ලේ එළිය සෙළවෙමින් වැටෙනවා. ජගත්ගේ රළු පිරිමි මුහුණත්, දුම්වැටියත් එක්ක පසුබිමේ රතුපැහැ එළියකින් අවිනිශ්චිත බවක් දැනෙනවා.

ඒ එක රූපයක්.

කන්දක් මුදුනක ජගත, සැන්ඩ්‍රා සහ පුංචි ආයු චරිතය ඉනනවා. අහස, නිදහස සීමා රහිත බව දැනෙනවා. ගාලු කොටුවේ සැන්ඩ්‍රා සහ ජගත්ගේ සංචාරවල සිට බොහෝ දේ මේ චිත්‍රපටිය ලස්සන කරනවා.

අපි කතා කරන්නේ දැන් තිරගත වෙන ආයු චිත්‍රපටිය ගැන.

අපේ ජීවිතයේ වටිනාම මොහොතවල්, දුක හිතෙන මොහොතවල් පවා රූප එක්ක ගැටගැහිලා තියෙනවා. අපේ මතකයන් රූප එක්ක ගැටගැහිලා තියෙනවා. අපට පුංචි කාලෙ මතක් කරගනිද්දී ඒකට ගැලපෙන රූපාවලියක් හිතේ මැවෙනවා. දුක, සතුට නියෝජනය කරන රූප තියෙනවා. සමහර රූප දැක්කාම අපේ ජීවිතයේ යම් මොහොතවල්, යම් මතකයන් එනවා.

ආයු! ජීවිතයේ තීව්‍රම මොහොතවල් ටිකක් රූප බවට හරවපු චිත්‍රපටයක. අපට හැම තනි රූපයකින්ම හැඟීමක් දැනෙන්න සලස්වනවා. සිනමාව කියන්නේ දෙබස්වලින් කියන කතාන්දරය විතරක් නෙවෙයි. අපෙ හදවත පතුලේ ඇතිකරන කම්පනය තමයි සිනමාව. ඒකට රූප පාවිච්චි කරනවා.

චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු චිත්‍රපටිය ඔක්තෝබර් දෙවැනිදා සිට සිනමාහල්වල තිරගත වෙනවා. මේ චිත්‍රපටිය මේ වෙද්දී අප දුටු සිංහල සිනමා රැල්ලේ අනෙක් සියලු චිත්‍රපටිවලට වඩා සිනමාත්මක රූප රැගත් චිත්‍රපටිය කියා කියන්න පුලුවන්. ආයු එකෙන් ඔබට පෙනෙන ලස්සනම ලස්සන රූප පෙළ වෙන කිසිම චිත්‍රපටියකින් දකින්න ලැබෙන්නේ නෑ.

මේ කතාව එක්තරා තරුණ කාන්තාවක් ගැන. චිත්‍රපටියෙන් ඔබ ලබන්න ඉන්න කතා රසයට බාධා නොකර සෑහෙන පොදු මට්ටමකින් කතාවේ පදනම කීවොත් මෙහෙමයි.

ඇය අධ්‍යාපනයෙන් මධ්‍යම පාන්තික ජීවිතයක් ලබලා. විවාහයකින් සැමියෙක් ලැබිලා වගේම මධ්‍යම පාන්තික නිවාසයක ජීවිතයකුත් ලැබිලා. ඒත් ඇයට මොකක් හෝ හිස්කමක් දිගින් දිගටම තියෙනවා. ඇය හිරවෙලා වගේ.

චිත්‍රපටියේ මුල ඉඳන්ම තියෙනවා. ඇගේ අම්මාගේ ලෝකය වෙනස්. අම්මා එක්ක ඇය පෑහෙන්නේ නෑ. ඇයට එන තනිකමට හිස්කමට සහ හුදෙකලාවට ඇය උත්තර හොයනවා. සමහරවිට දරුවෙක් ඒකට විසඳුම වෙන්න පුලුවන්

එක් දිනෙක සිද්ධවෙන නොසිතූ දෙයකින් දේවල් කණපිට පෙරළෙනවා.

හිර වෙලා හිටපු ඇය කෙළවරක්, තේරුමක් නැති ගමනක් පටන් ගන්නවා. ඇයට ජීවිතයේ අර්ථය සොයා යන්නට බල කරනවා. ඇය කාටවත් හීනෙන්වත් හිතෙන්නැති ගමනක් යන්නේ, කාටවත් හිතන්න බැරි දෙයක් හොයාගෙන. ඇය හරිම හිතුවක්කාර විදියට යන ගමනක් ඒක. ඇයි ඇය එහෙම හිතුවක්කාර වෙලා? කොහේද ඇය යන්නේ? අපි ප්‍රශ්න කරනවා.

චිත්‍රපටියේ කතාව ගලා යන්නේ එක සිදුවීමකින් තව සිදුවීමකට කාලය ගලායන පිළිවෙලට නෙවෙයි. මුල, මැද සහ අග කියලා පිළිවෙලක් හොයන්න ඔබට බෑ. ඒ වෙනුවට චිත්‍රපටියේ අවසන් දර්ශනයත් බලලා ඉවර වුණාම ඔයාගෙම ඔලුවේ මුල මැද අග ඒක කතාව තේරුම් යනවා. බලා ඉවරවෙද්දී අපේ ප්‍රධාන චරිතය වූ කාන්තාව ගැන ඔබට විස්මයක් මැවෙනවා.

මේ චිත්‍රපටියට පුදුමාකාර විදියට ආසක්ත වෙන්න හේතුව තමයි කතාවේ ගොඩක් දේවල් දෙබස්වලින් අපට ඇන ඇන කියාදෙන්නට යන්නේ නෑ. මේ චිත්‍රපටියේ කාන්තා චරිතය මූණදෙන ප්‍රධානම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය මොකක්ද කියන එක කවුරුත් අමුතුවෙන් කියන්නේ නෑ. ඒත් සිද්ධියෙන් සිද්ධියට කතාව ගලා යද්දී අපටම තේරෙනවා මෙන්න මේකයි සිද්ධවෙලා තියෙන්නේ කියලා.

ෆිල්ම් කියන්නේ ලෝකෙ ප්‍රබලම භාෂාව. හැම එකක්ම පොතේගුරා ඇවිත් විස්තර කරනවා වගේ කරන්න ඕනෑ නෑ. බලන බැල්මකින්, සංගීත කොටසකින්, රඟපෑමෙන්, පසුතලයෙන් වගේ බොහෝ දේවලින් අපේ හිතේ මූඩ් එකක් සෙට් කරන්න පුලුවන්.

අපි කීව හිස්කම සහ තනිකම ගැන කතාවත්, ඒ අස්සේ ජීවිතයේ නිදහස හොයා යෑම ගැනත් කියන්නට කොළඹ රෝහලක්, මධ්‍යම පාන්තික ගෙදරක්, දුම්රිය ස්ථාන, ඈත ගම්මාන වගේම දකුණේ වෙරළ තීරය කියන හැම තැනටම චිත්‍රපටිය යනවා. චත්‍ර කියන්නේ ලංකාවේ ඉන්න ලස්සනම රූපරාමු සොයන්නෙක්. චිත්‍රපටියේ හැම රූපයක්ම අපට හිතන්නත් බැරි තරම් පරෙස්සමෙන් වියපු චිත්‍රයක් හෝ වෘත්තිය ඡායාරූපයක් වගේ.

දුම්රිය ස්ථානයක්, ගහක් උඩ තියෙන පැළක බෝතලයක් කපලා ඒකට සෙට් කරපු ලයිට් එකක් මැද්දෙන් අහසයි හඳයි පේන හැටි, කඳු මුදුනක ඉන්න දැරිය වගේම ජගත් මනුවර්ණගේ දේහ ලතාව යනාදී බොහෝ දේවල් විස්මිත රූප විදියට මවා තියෙනවා. එක වෙලාවක ජගත් සහ සැන්ඩ්‍රා වැස්සේ තෙමෙමින් ඇවිදින අයුරුත්, අශාන් ඇවිත් යන අයුරුත් එක දෙබසක්වත් නැතිව අපේ හිතේ කුතුහලයකුත් දනවමින් කතාවක් කියනවා. පස්සේ අපට ඒ දර්ශනය වැටහෙනවා. කතාවේ ඒ මොහොතේ ඒ විදියට සිද්ධිය වුණේ ඇයිදැයි කියදෙන්නට දෙබස් ඕනෑ නෑ. අපට රූප දර්ශනවලින්ම කතාව වැටහෙනවා.

චිත්‍රපටිය එක්ක අතුරු කතාවක් විදියට වැල්ලේ සංචාරක කර්මාන්තය එක්ක ගැටගැහිච්ච සංස්කෘතියක් ගැනත් මේ චිත්‍රපටියේ කතා කරනවා.

චිත්‍රපටියෙ අනෙක් වැදගත්ම දේ තමයි පුංචි චරිතවලට පවා තෝරාගත්ත විශිෂ්ඨ නළුනිළිවරණය.

අශාන් ඩයස්, ජගත් මනුවර්ණ අපේ සිනමා තිර පුරවන්න පුලුවන් ප්‍රධානම සිනමා නළුනිළියන් කිහිපදෙනා අතර ඉනන දෙන්නෙක්. අපේ සිනමාවෙ තරුවල හිඟයක් තියෙනවා. ඒ කියනනේ චිත්‍රපටිවල ප්‍රධාන චරිතම රඟපාමින්, ජනප්‍රිය සිනමාවක් ගොඩනන්න අවශ්‍ය නළුනිළියන්ගේ හිඟයක් තියෙනවා. රන්ජන සහ හේමාල් ඉන්නවා. ඒත්, ඒ  දෙන්නාට අමතරව තවත් පෞරුෂයන් කිහිපයක් ගොඩනගන්න ඕනෑ. අශාන් සහ ජගත් කියන්නෙ අපට ඉන්න ප්‍රධානම නළු පෞරුෂයන් දෙක.

අනෙක් සිනමාත්මක රංගධරයා සහ වසරේ නළුවා ප්‍රියන්ත සිරිකුමාර පවා චිත්‍රපටියේ කුඩා දර්ශනයකට එනවා. ඒ වගේම තුමිඳු දොඩන්තැන්න සහ මාලනී ෆොන්සේකා ඉතා කෙටි නමුත් වැදගත් චරිතවලින් මුණගැහෙනවා. නලින් ලුසේනා, දසුන් පතිරණ ඇතුළු පොඩි චරිතයකට පවා ආපු රංගන පෞරුෂයන් එක්ක අපි කලින් කීව චත්‍රලාගේ සුවිශේෂී කැමරාකරණය මුහුවෙනවා. කතාව ආකර්ෂණීයව ගලා යන්නේ ඒ සියල්ල එකතු වෙද්දීයි.

සමහරවිට අපි ජීවිතය ගැන තේරුම් ගන්නේ මරණය එක්ක. මරණය  නිසාම අපි ජීවිතය ගැන හොයනවා.

ෆිල්ම් එකක් ගැන කියද්දී මේක ජීවිතය ගැන හොයන ෆිල්ම් එකක්ය කියල කියන එක ටිකක් පරණ කතාවක්. හැම චිත්‍රපටියක්ම ජීවිතේ හොයනවා. මේ චිත්‍රපටිය හරියටම හොයන්නෙ අද ‘මාර‘ ජීවිතය කියල අපි හිතන මිඩ්ල් ක්ලාස් හිරවීම සහ නිදහස් ජීවිතයක් අතර පරතරය. ඇත්තටම නිදහස් ජීවිතය කිව්වට ඒකත් උවදුරු, අනතුරු, අවිනිශ්චිතතා සහ හිස්කම්වලින් පිරිලා.

ආයු හෙවත් ආයුෂ කියන්නේ ජීවිතය නෙවෙයි. ජීවිතය තියෙන්නේ අපි ජීවත්වෙන මොහොතේ කරන දේවල්.

සියලු දේවල් හොඳට තියෙනවායැයි හිතන! එනම් පවුලක්, සල්ලි, රැකියාවක තියෙන මොහොතකට වඩා ඒ කිසිවක් නැති වෙලාවක ජීවිතය දැනෙන්න පුලුවන. සියල්ල අහිමිවෙන මොහොතක නිදහස දැනෙන්න ඉඩ තියෙනවා. ආයු චිත්‍රපටිය කතා කරන්නේ ඒ ගැන.

අනිවාර්යයෙන් බලන්න.

ආයු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සැන්ඩ්‍රා මැක් සමඟ කළ කතාබහ..

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron