පෞද්ගලික හැඟීම්වලට ඉඩ නොදී වෘත්තිය වගකීම් පෙරට ගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ!


තරුණ තුන්ඉරියවු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ අවසන් කටයුතුවලට සහභාගි නොවී ජාතික කණ්ඩායම සමග එක්වීමට තීරණය කර ඇත.
22 හැවිරිදි දුනිත්ගේ ක්‍රිකට් ජීවිතය බිංදුවේ සිට ජාතික කණ්ඩායමට එක්වන තුරු යෝධ සෙවනැල්ලක්ව ඔහු පසුපසින් සිටියේ ඔහුගේ පියාවන සුරංග වෙල්ලාලය. ඔහුගේ අහිමිවීම දුනිත්ට දරාගත නොහැකි අන්දමේ කම්පනයක් එක්කළ වග පෙරදා පියාගේ අභාවය ක්‍රීඩාපිටියේදි කණ්ඩායම් කළමණාකරු මහින්ද හලංගොඩ සැළ කර සිටින විට ඔහුගේ මුහුණෙන් පිළිඹිබු විය.
සිය පියා අවසන්වරට දැකගැනීමට මවුබිමට පැමිණි දුනිත් නැවතත් ආපයින්ම කණ්ඩායම සමග එක්වීමට එමීරය බලා පිටව යෑම ඔහු කෙතරම් පරිණත වෘත්තියමය ක්‍රීඩකයකුදැයි ලෝකයටම හෙලිදරවු කළ මොහොතකි.
පසුගිය දශකය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රිඩකයින්ගේ අපරිණත හැසිරීම් ඉදිරියේ දුනිත් තමා ජාතික වගකීම කෙතරම් හදුනාගෙන සිටින්නේදැයි ඔප්පු කරන මොහොතකි.
එය ක්‍රීඩකයින්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම ආදර්ශමත් හැසිරීමකි.
දුනිත් සේම පෞද්ගලික හැඟීම්වලට ඉස්මතුවන්නට නොදී තම වෘත්තිය වගකීම් හදුනාගෙන ඒ වෙනුවෙන් කැපවූ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳ අතීත තතු විත්ති සොයා බලන්නට අපි අදහස් කළෙමු.
විරාත් කෝලි
—————
මේ සියවසේ බිහිවූ අග්‍රගන්‍යම පිතිකරුවකු වන ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිද තරුණ වියේදි දුනිත් මුහුණ දුන් සිදුවීමට සමාන සිදුවීමකට මුහුණ දුන්නේය.
කෝලි ජාතික කණ්ඩායමට එක්වීමට පෙර 2006 වසරේදි දිල්ලි ප්‍රාන්ත කණ්ඩායම සමග කර්නාටක කණ්ඩායමට එරෙහිව තරගයකට සහභාගි විය. එවකට 18හැවිරිදි වියේ පසු වූ කෝලිගේ පියාවන ප්‍රේම් කෝලි අභාවප්‍රාප්ත වූ පුවත සවන වැකෙන විට කෝලි සිටියේ ක්‍රීඩා පිටියේය. කර්නාටක කණ්ඩායම හමුවේ දිල්ලි කණ්ඩායම ලැජ්ජාසහගත පරාජයකට නතු වීමට තිබිණි. පියාගේ අවසන් කටයුතුවලට සහභාගිවීම අමතක කළ කෝලි දිල්ලි කණ්ඩායම පරාජයෙන් බේරාගන්නේ ලකුණු 90ක් රැස් කරමින්ය.
එම අවස්ථාව ගැන පසුව අදහස් දැක් වූ කෝලි;
“ මම දිල්ලි කෝච්ට උදේ කතා කළා. මම කිව්වා මට මැච් එක ඉවර කරන්න ඕන එහෙම නොකළොත් ඒක පවක් කියළා මං හිතනවා. ඒක තමා පුද්ගලයෙක් විදිහට මාව වෙනස් වුණු මොහොත. මේ ක්‍රීඩාවට මගේ ජීවිතයේ දෙන වැදගත්කම ඉතාම ඉහළයි.”
සචින් තෙන්දුල්කාර්
———————-
සචින්ගේ පියාවන සුප්‍රසිද්ධ මරාති ගත්කතුවරයකු වන රමේෂ් තෙන්දුල්කාර් අභාවප්‍රාප්ත වන්නේ 1999 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුරය. සිය පියාගේ අවසන් චාරිත්‍ර ඉටුකිරීමට ඉන්දියාවට යන තෙන්දුල්කාර්, තම මව සහ පවුලේ සාමාජිකයින් සමග ශෝකය බෙදා හදා ගැනීම පසෙකළා නැවතත් ජාතික කණ්ඩායම සමග එක්වීමට එංගලන්තය බලා පිටත්ව යන්නේය.
පියාගේ මළගමින් පසු කෙන්යාවට එරෙහිව පැවැත්වෙන තරගයේදි තෙන්දුල්කාර් තරගයේ වීරයා සම්මානයද ලබාගන්නේ ලකුණු 140ක් රැස් කරමින්ය.
එම ඉනිමේ මතකය ගැන තෙන්දුල්කාර්;
“ඉන්දියාවේ දවස් හතරක් ඉඳලා මං ආපහු එංගලන්තයට ගිහින් ආපහු ටීම් එකට එකතු වෙන්නේ කෙන්යා මැච් එකට ඔන්න මෙන්න කියළා. ඒක මට දැණුනේ මගේ තාත්තා මට කරන්න කියපු දෙය කියළා. වර්ල්ඩ් කප් එකේ ඉතිරි මැච් ටික ගහන්න ආපහු මං ලංඩන් යන්න මං තීරණය කළේ ඒ හින්දා.”
ජොෆ්රා ආචර්
—————-
2019 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන නියමුවකු වූයේ ජොෆ්රා ආචර් ය. තරගාවලියේ ඉනිම 11කදී කඩුළු 20ක් දවාගත් ආචර්, නවසීලන්තයට එරෙහිව පැවැති තීරණාත්මක අවසන් තරගයේ සූපර් ඕවරය ක්‍රියාත්මක කළේ එංගලන්තයට පළමු වතාවට ලෝක කුසලානයක පහස ලබා දෙමින්ය.
නමුත්, බොහෝදෙනෙක් නොදැන සිටි කාරණයක් වූයේ තරගාවලිය පුරාම ආචර් ක්‍රීඩා කළේ ඔහුගේ සම වයසේ පසූ වූ සිය සමීපතම ඥාති සහෝදරයාගේ වියෝ වේදනාව දරාගෙන බවය. 24 හැවිරිදි අෂාන්තියෝ බ්ලැක්මැන් නම් වූ ආචර්ගේ ඥාති සොයුරා තම නිවස ඉදිරිපිටදි වෙඩිතබා ඝාතනය කෙරෙන්නේ 1999 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහභාගි වූ පළමු තරගයට පසු දිනය.
රෂීඩ් ඛාන්
————
වත්මන් ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් නායක රෂීඩ් ඛාන්, 2018 වසරේදි ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීගයට සහභාගි වූයේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරමිනි.
තරගාවලිය අතරතුර ඔහුගේ පියාගේ අභාවය පිළිබඳ පණිවිඩය ලැබුනද දිගටම තරගාවලිය හා සම්බන්ධ වූ රෂීඩ් තම වෘත්තියමය බව සනාථ කරමින් පියා මියගිය දිනට පසු දා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව තරග වැදුණි.
—————
ක්‍රීඩාවෙන් විශිෂ්ඨයින් බිහිවන්නේ සහජයෙන් ලද දක්ෂතාවන් මතින් පමණක් නොවේ. ලෝකයට නොපෙනෙන ජීවිතයේ දුක්, කඳුළු මතින් කරන කැපවීම් රැසක් ඔවුන්ගේ කතාවල පසුබිමේ සනිටුහන්ව ඇත.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron