යළි පිබිදෙන ශ්‍රී ලංකා රග්බි පාපන්දුව

ශ්‍රී ලංකා ජාතික පිරිමි රග්බි සත් සාමාජික කණ්ඩායම ඉතිහාස පොත් අලුත් කරමින් ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අර්ධයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.

චීනයේ හැංග්ෂූ හිදී සැප්තැම්බර් 20-21 දෙදින තුළ පැවැත්වෙන එමිරේට්ස් ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අර්ධයේ මූලික වටයේ පළමු තරගයේදි ජපානය හමුවේ ලකුණු 38 – 7 ලෙස පරාජයට පත්වුවද තායිලන්තයට එරෙහිව 24-07 ක් සහ සිංගප්පූරුවට එරෙහිව 34-07ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හොංකොං චීන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (21) පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භයේදි ආසියානු කලාපයේ 12වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නායක කවිඳු පෙරේරා, ජනිදු ඩිල්ෂාන්, ඩිනාල් ඒකනායක ඇතුළු ප්‍රවීණයන්ගේ සහ කුළුදුල් ජාතික නියෝජනය ලද ක්‍රීඩකයින් අටදෙනෙකුගෙන්ම සමන්විත වූ සංචිතයකින් යුක්තය. පුහුණුකරුවන් වන ෂම්ලි නවාස් සහ රජීව් පෙරේරාගෙන් ලැබෙන මඟ පෙන්වීම සහ ක්‍රීඩකයින්ගේ අප්‍රභිත ධෛර්ය සහ කැපවීම මෙම ජයග්‍රහණයේ රහසයි.

තරගාවලියේ දෙවැනි සහ අවසන් අර්ධය ඔක්තෝබර් 18 සහ 19 දෙදින කොළඹ තුරග තරග පිටියේදි පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සජීවි දර්ශණ Asia rugby ෆේස්බුක් පිටුවෙන් සහ යූටියුබ් චැනලය හරහා නැරඹිය හැකිය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron