තමන්ගේ ආණ්ඩුව රැක ගන්න නිතියට පටහැනිව වුණත් මේ ආණ්ඩුව වැඩ කරනවා -නාමල් රාජපක්ෂ-

රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ආණ්ඩුව කටයුතු කරන බව ලාල් කාන්තගේ කතාවෙන් තේරෙණවා-නාමල් රාජපක්ෂ

ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක ,සිවුරත් වැඩක් නෑ කිව්වා ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා.ඇඳුම මොකක්ද අදාල නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා.ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.තවද ජනාධිපතිතුමාගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් සියලු කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න කටයුතු කරන්න පොලිස්පතිවරයා කටයුතු කරන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ලෙනින්ගේ ප්‍රතිපත්ති හඹා යනවා කියලා ඔහුගේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා කියලා කටයුතු කරන සමහර දේශපාලනඥයන්ගේ කියවීම ලෙනින්ට වඩා වෙනස්.මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්දනය තර්ජනය සහ බය කරලා තමන්ගේ දේශපාලන ගමන අරගෙන යන්න. ඒකනේ කිව්වේ කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එකනේ.සිවුරත් වැඩක් නෑ කිව්වා ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා.ඇඳුම මොකක්ද අදාල නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා.ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ.ඉතින් මම හිතන්නේ ලාල්කාන්ත කිවුවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා.මේ යන විදිහට නම් කොහොමත් ඔය එකසිය පනස් නවය බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අරගෙන පුහුණු උනොත් හොඳයි කියලා නම් හිතනවා.

ජනාධිපතිතුමාගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න පොලිස්පතිවරයා කටයුතු කරනවා.හැබැයි අපි එදා ඔහොම ක්‍රියාත්මක වුනානම් ඔය ජනාධිපතිවරයා සහ ඔය කැබිනට් එකේ භාගයක් පාර්ලිමේන්තුවේ නොසිටින්න තිබ්බා.හැබැයි ඉතින් අපි අන්දරේ කතාව අහලා තියෙනවානේ, අන්දරේ රජ වෙච්ච කතාව.අන්දරේගෙ කතාවලට රජ්ජුරුවොත් හිනා වෙවී හිටියා.අන්තිමට අන්දරේ රජ වෙනකම් දන්නේ නෑ.ඉතින් ඒ වගේ තමයි මේ අයගේ බොරු කතාවලට ඔක්කොම හිනා වෙවී හිටියා,මේ අයගේ බොරු වලට අපි බොරු කිය කිය හිටියා අවසානයේ අන්දරේ රජවුනා වගේ දැන් කෙනෙක් රජ වෙලා ඉන්නවා.දැන් ඉතින් දරාගන්න බැරිකමක් තියෙන්නේ.එදා කියපු බොරු හා සමානව අදත් බලයට ඇවිල්ලා බොරු කියමින් ඉන්නේ.අන්දරේ රජවෙයි කියලා හිතන් නැතුව අන්දරේගේ කතා ටික අහලා හිනාවෙලා අත්පුඩි ගහන් හිටපු ජනතාවට අන්තිමේට අන්දරේ රජු වුණාට පස්සේ අන්දරේගේ පාලනය යටතේ ඉන්න සිද්ධවෙලා තියෙනවා.ඒ වගේම තමයි අපිටත් වෙලා තියෙන්නෙ.අන්දරේ වගේ කෙනෙක් රජවෙලා ඉන්නවා ඉතින් ඔහුගේ තියෙන වෛරය කුහකත්වය ඉරිසියාව ක්‍රෝධය සහ ප්‍රතිපත්තියක් නැතිකම සහ ඇත්තටම වැඩ කරන්න බැරිකම ඔස්සේ ඡන්දෙ දීපු අයටත් ඡන්දේ නොදීපු අයටත් ඒකෙ පල විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා.

අන්දරේ තනිවුනාද නැද්ද කියන කාරණේ කෙසේ වෙතත් මේ එකසිය පනස් නම දෙනාට යන එනමං නෑ කියල නම් පේනවා.

ඉතින් ලෙනින් ගාවට ගියත් බෲස් ලී ගාවට ගියත් ජනාධිපතිවරයා ගාවට ගියත් මේ හැමෝම තේරුම් ගන්න ඕන අවසානයේදී ජනතාව ඉස්සරහට එන්න ඕන.තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති.ඒවා අපිට අදාල නෑ. මොකද ඒවා ඇතුලෙ තියෙන ප්‍රශ්න නේ.මේවා ජනතාවට අදාළ නෑ.ජනතාවට කරන කටයුතු වලදී ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්න එපා.ඒ වගේම පැහැදිලිවම මේ ආණ්ඩුවේ එක ප්‍රතිපත්තියක් නෑ.මට දැනෙන විදිහට නම් 159 දෙනා ඉන්නේ ප්‍රතිපත්ති එකසිය පනස් නමයක.ඒකනේ සමහර ඇමතිවරු කියන්නේ එකසිය පනස් නව දෙන ඇතුළේ ඉන්න සමහරු අඳුරන්නෙත් නෑ කියලා.එහෙම නැත්නම් තමන්ගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ පත්වෙච්ච අය අඩුම තරමේ විහිළුවටවත් කියනවද මේ අය අඳුරන්නේ නෑ කියලා.ඒ හින්දා ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය නොවන සමහර බටහිර රටවලින් NGO වලින් දීපු ප්‍රතිපත්ති අරගෙන එක කණ්ඩායමක් යනවා,USAID වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒවයින් දීපු ප්‍රතිපත්තියක් අරන් තවත් කණ්ඩායමක් යනවා.ඒ අතර විජේවීර පටන් ගත්ත දේශපාලන න්‍යාය පත්‍ර ඇතුලේ ඇත්තටම පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු සමහර අය අද අසරණ වෙලා මේ පක්ෂය ඇතුලේ බලාගෙන ඉන්නවා.ඉතිං ඒ අයට දැන් ඇත්තටම හිතෙනවා ඇත්තම ජේවිපි එක කොතැනද තියෙන්නේ කියලා.”

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron