පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගනී

නව පොලිස්පතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය සිය ධූරයේ වැඩ භාරගෙන තිබේ. ඒ අද(14) පොලිස් මූලස්ථානයේදීය. පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පති ධූරය දක්වා ගිය පළමු පොලිස්පතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ 37 වෙනි පොලිස්පතිවරයාගේ වැඩබාර අද (14) ගැනීම සිදුවිය.

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කවුද?

1969 වසරේ පෙබරවාරි 9 වනදා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියනාරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූයේ 1988 දීය.

ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය දොඩන්තැන්න නෑහින්න ද්විතීක පාසලෙන් ලබා ද්විතීක අධ්‍යාපනය සඳහා කළුතර ඥානෝදය මහා විද්‍යාලයට ඇතුළත් විය. එමෙන්ම නව පොලිස්පතිවරයා වෘත්තීයෙන් නීතිඥවරයකුද වෙයි.

1988 වසරේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වන ප්‍රියන්ත වීරසූරිය වසර 37 ක දීර්ඝ සේවා කාලයකට හිමිකම් කියයි.

ප්‍රියන්ත වීරසූරිය දැරූ නිලතල

1989 – විශේෂ කාර්ය බලකායේ සන්නිවේදන අංශයේ සේවය සඳහා එක් වී ඇති අතර පසුව අම්පාර කොට්ඨාසයට අයත් සංගමන්කන්ද ප්‍රදේශයේ සේවය කළේය.

1990 – උසස් පෙළ විභාගයට මුහුණ දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය.

1992 අගෝස්තු 2 – පරිවාස උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස සේවය ආරම්භ කිරීම

1993 ජුලි 1 – කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වීම

අධ්‍යාපන කටයුතුවලට අමතරව ඔහු මරදාන අපරාධ අංශයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති හා ස්ථානාධිපති මෙන්ම මාලිගාවත්ත සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවල ස්ථානාධිපති ධුරයද දැරිය.

යුද්ධ සමයේදී කොක්එළිය පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා ලෙසද ප්‍රියන්ත වීරසූරිය සේවය කළේය.

ඔහු නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමට පෙර, අධ්‍යයන කටයුතුවලින් පසු කිරුළපන සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ කථිකාචාර්යවරයකු ලෙස ලෙසද කටයුතු කර ඇත.

1999 මාර්තු 5 – (පරිවාස) සහකාර පොලිස් අධිකාරී ධුරයට පත් කෙරිණි

2007 ජනවාරි 1 – 2008 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නැගෙනහිර ටිමෝරයේ සේවය කළේය. එවකට ඔහු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරී තනතුර දැරුවේය.

නැවත ලංකාවට පැමිණි පසු, ඔහු මඩකලපුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කෙරිණි.

මෙම කාලයේදී එල්ටීටී පිස්තෝල කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු මරා මරාදැමීමත් සමඟ ඇතිවූ තත්ත්වය සමනය කිරීමට සමත්වීම හේතුවෙන් ප්‍රියන්ත වීරසූරියට , ඔහුගේ සේවය අගයමින් පොලිස්පතිවරයා විසින් පොලිස්පති ප්‍රශංසා දෙකක් ප්‍රදානය කෙරිණි.

2010 අප්‍රේල් 10 – 2011 අප්‍රේල් 14 වනදා දක්වා ප්‍රියන්ත වීරසූරිය නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වී හෙයිටි රාජ්‍යයේ සේවය කරන ලදී.

පසුව දිවයිනට පැමිණි ඔහු සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළේය.

2012 – ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට පත්විය.

2012 මැයි 12 – 2020 දක්වා නියෝජ්‍ය පොලිස්පති ධූරය දැරිය.

2020 පෙබරවාරි 12 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩ භාර ගත්තේය.

ටික කාලයක් ඔහු අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අතර ඉන් අනතුරුව සහාය සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරතුර දැරුවේය.

එම සේවා කාලය තුළ ඔහුගේ සේවය අගයමින් පොලිස්පති ප්‍රශංසා තුනක් ප්‍රදානය කෙරිණි.

2022 – 2023 කාලය තුළ උතුරු සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සේවය කළේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron