ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි , වර්තමාන පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සත්තිස් රංජන් හියාරේ ගමගේ අද (14) අපරාධ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් , පොලිසියට පැමිණෙන සේවාවන් ලබා ලබාගන්නන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (රු 14, 000,000) ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනාව මතයි.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් නගන මෙම චෝදනාවට පාදක වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නොහොත් ” රත්ගම විදුර” නැමැත්තාගේ මුදල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ගිණුම්වල යන චෝදනාව ගැන විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟය.
රත්ගම විදුර වැඩි කාලයක් ඉතාලියේ පදිංචිව සිටින අතර,ඉතාලියේ සිට මෙරට දකුණේ පාතාලය මෙහෙයවමින් කටයුතු කරන බව විමර්ශන වලින් හෙළි වී තිබේ.
රත්ගම රවිඳුගේ ගෝලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් නිලධාරීන්ට ද අල්ලස් ලබා තිබෙන බව ඔප්පු වී තිබේ. සතිශ් ගමගේ පොලිස් නිලධාරියා සම්බන්ධ තොරතුරු හෙළිවන්නේ ද මෙම අනාවරණයත් සමඟයි.
සතිශ් ගමගේ එවකට ගාල්ල කොට්ඨාස භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයායි.


