ලලිත් කූගන් නඩුවට ගෝඨාව ඔන්ලයින් කැඳවයි

ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ සිදුවීමට අදාළ නඩු විභාගය සඳහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේදී 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන මහත්වරුන් අතුරුදන් වීමට ලක් වුණා.

ඔවුන් මෙලෙස අතුරුදන් වූයේ උතුරු පළාතේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටි වටපිටාවකයි.

මෙම අතුරුදන් කිරීම්වලට එරෙහිව ඔවුන්ගේ ඥාතීන් විසින් නීතිඥ නුවන් බෝපගේ මහතා මාර්ගයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම හබයාස් කෝපුස් පෙත්සම ගොනු කර තිබුණා.

මෙම සිදුවීම සිදු වූ වකවානුවේදී මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත කටයුතු කළ අතර එම නිසා එකල පැවති ආරක්ෂක තත්ත්වය සහ මෙම අතුරුදන්වීම් පිළිබඳව කරුණු විමසීම සඳහා ඔහුව සාක්ෂිකරුවෙකු ලෙස යාපනය අධිකරණයට කැඳවීමට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දීම තම ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා.

තමන් යාපනයට ගියහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන්ගෙන් තම ජීවිතයට අනතුරක් විය හැකි බැවින් එම අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් අභියාචනාධිකරණය විසින් ඔහුට යාපනය අධිකරණයේ පෙනී සිටීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පසුව 2019 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන ජනාධිපති මුක්තිය මත ඔහුට එරෙහිව මෙම නඩු කටයුතු පවත්වාගෙන යාම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත්, 2022 වසරේදී ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුට තිබූ ව්‍යවස්ථාපිත මුක්තිය අහෝසි වූ බැවින්, නැවතත් මෙම නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා ඔහුව කැඳවීමට නෛතික පසුබිම නිර්මාණය වුණා.

මේ අතර, 2025 වසරේ ජුලි 30 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිවරයා නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටද දැනුම් දී තිබුණා.

කෙසේවෙතත් මෙම නඩුවයාපනය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (02) යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකරුවකු නොව සාක්ෂිකරුවකු පමණක් වන බවයි.

එම නිසා, ඔහු ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටලු සලකා බලා සෘජුවම අධිකරණයට පැමිණීම වෙනුවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබාදීමට අධිකරණය මෙලෙස අවසර ලබා දුන්නා.

ඒ අනුව, එළඹෙන ජුනි මස 19 වැනිදා මෙම නඩුව අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron