හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරදඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධයන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට වරදකරු කළ සිය සේවා දායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30ක් සිර දඬුවමක් නියම කර තිබෙන බව සඳහන් වෙයි.

එසේ තිබියදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනුකර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැණි බවත් පෙන්වා දී ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවාදායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතුකළද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පවසා තිබේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍ර නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබූ අතර එදින මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron