ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් වී ඇති අතර, මරණ 32 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.

ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමුවූ බවද වෛද්‍යවරයා කියා සිටියේය. 

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006ක් රෝගීන් වාර්තා වී තිබේ. 

තවමත් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමට ජනතාව සම්පූර්ණයෙන්ම කටයුතු නොකිරීම මෙයට මුලික හේතුව බවද සඳහන් කර සිටි වෛද්‍යවරයා, ඉදිරියේ දී රෝගීන් ප්‍රමාණය අවම කරගැනීමට නම් මදුරුවන් බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු බවද අවධාරණය කළේය.

මේ අතර වැඩි වශයෙන් ඩෙංගු ව්‍යාප්ත වී ඇත්තේ රාජ්‍ය ආයතන සහ පාසල් ආශ්‍රිතව වන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද වෛද්‍ය කපිල කන්නංගර මහතා ජනතාවයෙන් ඉල්ලා සිටී. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron