මිගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්දයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. එම පැමිණිල්ල පහතින්..
‘මෙය හදිසි මහජන වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා ප්‍රමාදයකින් තොරව විමර්ශනය කරන ලෙසත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සහ වගඋත්තරභාවය තහවුරු කිරීම සඳහා සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.’
- මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල. Kasun Pussewela
- මීගමුව බන්ධනාගාරයේ සිදුවීම, සිදුවී ඇති බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනයන් සහ රජයේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රාජ්‍යය අපොහොසත් වීම සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා කරන පැමිණිල්ල –
ගරු සභාපතිතුමිය / සභාපතිතුමා,
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත බලතල යටතේ ඔබගේ කඩිනම් මැදිහත්වීම ඉල්ලා මෙම පැමිණිල්ල ගෞරවයෙන් ඉදිරිපත් කරමි.
මේ වන විට මහජනතාවට ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, එම සිදුවීම හේතුවෙන් සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇත. මෙම වාර්තා සත්‍ය බව තහවුරු වුවහොත්, මෙම සිදුවීම මූලික මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවට මෙන්ම රාජ්‍ය පරිපාලනයේ බරපතළ අසාර්ථකත්වයක් සහ ශ්‍රී ලංකා රජයට ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර නීතියෙන් පනවා ඇති වගකීම් කඩ කිරීමක් බවට මූලිකව පෙනී යන කරුණු හෙළි කරයි.
නිදහස අහිමි කර රජයේ භාරයේ රඳවා සිටින සෑම පුද්ගලයෙකුම සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ භාරකාරත්වය සහ පාලනය යටතේ සිටී. එබැවින්, ඔවුන්ගේ ජීවිතය, ශාරීරික අඛණ්ඩතාව, මානව ගෞරවය, සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉහළම මට්ටමේ නීතිමය හා ව්‍යවස්ථානුකූල වගකීමක් පවතී. ඔවුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වරද කුමක් වුවද, එම වගකීම කිසිදු අවස්ථාවක අඩු නොවේ.
රාජ්‍ය භාරයේ සිටින පුද්ගලයන් මිය යන විට හෝ බරපතළ තුවාල ලබන විට, එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු සාධාරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, රාජ්‍ය නිලධාරීන් නීතියට, සමානුපාතිකභාවයට සහ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ බවත් පෙන්වා දීමේ වගකීම රාජ්‍යයටම පවතී.
ඒ අනුව, මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අදාළ නීති සහ ශ්‍රී ලංකාව භාරගෙන ඇති ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් උල්ලංඝනය වී තිබේද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
විශේෂයෙන්ම පහත කරුණු පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.
- බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල, රාජකාරි පැහැර හැරීම, පරිපාලන අසාර්ථකත්වය හෝ බලය අයුතු ලෙස භාවිත කිරීම මෙම ඛේදවාචකයට දායක වූයේද යන්න.
- ප්රචණ්ඩත්වයක් ඇතිවීමේ අවදානම පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු, අවදානම් ඇගයීම් හෝ අනතුරු ඇඟවීම් තිබියදීත්, ඒවා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණේද යන්න.
- බන්ධනාගාර නිලධාරීන් හෝ වෙනත් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් අධික, අත්තනෝමතික, අසමානුපාතික හෝ නීතිවිරෝධී බලය භාවිත කර තිබුණේද යන්න.
- තුවාල ලැබූ සියලු පුද්ගලයන්ට කඩිනම් හා ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණේද යන්න.
- දිගුකාලීන බන්ධනාගාර අධික ජනගහනය, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම, දුර්වල පරිපාලනය, දූෂණය, හදිසි අවස්ථා කළමනාකරණයේ අසාර්ථකත්වය හෝ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ක්‍රියාත්මක වීම මෙම සිදුවීමට හේතු වූයේද යන්න.
- රාජ්‍ය භාරයේ සිදුවූ සෑම මරණයක්ම ස්වාධීනව ලේඛනගත කර, නීතියට අනුකූලව පරීක්ෂා කර අධිකරණමය අධීක්ෂණයට යොමු කර තිබේද යන්න.
- මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ පවුල්වලට නිසි තොරතුරු ලබාදී ඔවුන්ට යුක්තිය ලබා ගැනීමේ අවස්ථාව සලසා දී තිබේද යන්න.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාවෙන් හෝ ක්‍රියා නොකිරීමෙන් වගකීමක් ඇති සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගඋත්තරභාවය සොයා බලන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ අතරට,
- අධිකරණ අමාත්‍යවරයා;
- බන්ධනාගාර විෂය භාර නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යවරයා (එවැනි පත්වීමක් ඇත්නම්);
- අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා;
- බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා;
- මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්;
- මෙම සිදුවීම සඳහා යොදවා සිටි පොලිස්, හමුදා හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන්;
- සහ මෙම සිදුවීමට අදාළව නීතිමය හෝ විනයමය වගකීමක් මතු විය හැකි වෙනත් සියලු රාජ්‍ය නිලධාරීන් ඇතුළත් විය යුතුය.
තවද, මෙම සිදුවීම හේතුවෙන් පහත සඳහන් නීතිමය බැඳීම් උල්ලංඝනය වී තිබේද යන්නද කොමිෂන් සභාව විසින් තීරණය කරන ලෙස ඉල්ලා සිටිමි.
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 සහ 13 වැනි වගන්ති;
- සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR);
- වධහිංසා සහ වෙනත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය (CAT);
- එක්සත් ජාතීන්ගේ සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම ප්රමිතීන් (Nelson Mandela Rules);
- සහ ශ්‍රී ලංකාවට බැඳී පවතින අනෙකුත් ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම.
මෙම සිද්ධියේ බරපතළභාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ඔබ වෙත පැවරී ඇති සියලු බලතල භාවිත කරමින්,
- වහාම ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් ආරම්භ කිරීම;
- මීගමුව බන්ධනාගාරයේ හදිසි පරීක්ෂණයක් පැවැත්වීම;
- CCTV දර්ශන, සන්නිවේදන වාර්තා, බුද්ධි තොරතුරු, සිද්ධි වාර්තා, අවි භාවිත වාර්තා, වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු සාක්ෂි ආරක්ෂා කිරීම;
- සිරකරුවන්, නිලධාරීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, පවුල් සාමාජිකයන් සහ ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් ආරක්ෂිතව ප්‍රකාශ ලබා ගැනීම;
- වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධමය, විනයමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම;
- වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සුදුසු වන්දි සහ ප්‍රතිකර්ම නිර්දේශ කිරීම;
- බන්ධනාගාර පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම; සහ
- කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම
කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
රාජ්‍ය භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඉහළම වගකීම් අතර එකකි. නිදහස අහිමි වුවද, ඔවුන්ගේ මානව ගෞරවය සහ මූලික අයිතිවාසිකම් අහිමි නොවේ. වැළැක්විය හැකි මරණ හෝ බරපතළ තුවාල රාජ්‍යයේ සම්පූර්ණ පාලනය යටතේ ඇති ආයතනයක් තුළ සිදුවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් රාජ්‍යයට වගකීමෙන් මිදිය නොහැක.
අවසාන වශයෙන්, මෙම පැමිණිල්ල නිල වශයෙන් ලියාපදිංචි කර, හදිසි මහජන වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා ප්‍රමාදයකින් තොරව විමර්ශනය කරන ලෙසත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සහ වගඋත්තරභාවය තහවුරු කිරීම සඳහා සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙම පැමිණිල්ල මම සද්භාවයෙන් සහ මහජන යහපත වෙනුවෙන් පමණක් ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම්, මානව ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම එහි එකම අරමුණ බවත් අවධාරණය කරමි.
මෙම පැමිණිල්ල ලැබුණු බව ලිඛිතව දැනුම් දෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මා දැනුවත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
කසුන් පුස්සෙවැල
අංක …, …… ….,
……,
ගාල්ල.
මෙහි මුල් ඉංග්‍රීසි පැමිණිල්ල –
Date: 6 July 2026
Subject: Complaint Requesting an Urgent Independent Investigation into the Negombo Prison Incident, Alleged Violations of Fundamental Human Rights, and the Failure of the State to Protect Persons Deprived of Liberty
Dear Madam/Sir,
I respectfully submit this complaint under the mandate of the Human Rights Commission of Sri Lanka seeking the Commission’s urgent intervention in relation to the recent violent incident at Negombo Prison, which, according to reports presently available in the public domain, has resulted in a significant loss of life and serious injuries among inmates and prison officers.
If the reported facts are established, the incident discloses prima facie evidence of possible grave violations of fundamental human rights, failures of public administration, and breaches of the constitutional and international legal obligations imposed upon the State of Sri Lanka.
Persons deprived of their liberty remain entirely under the custody, care, and control of the State. Consequently, the Government of Sri Lanka owes a heightened duty of care to safeguard their lives, physical integrity, dignity, health, and security. This obligation exists irrespective of the offences for which such persons are detained or imprisoned.
Where deaths or serious injuries occur while individuals are under State custody, the burden rests upon the State to demonstrate that it exercised due diligence to prevent foreseeable harm and that its officials acted lawfully, proportionately, and in accordance with both domestic and international human rights standards.
Accordingly, I respectfully request the Human Rights Commission to investigate whether there has been any violation of the Constitution of Sri Lanka, statutory duties, or Sri Lanka’s international human rights obligations arising from this incident.
In particular, I respectfully request the Commission to inquire into, among other matters:
- Whether any negligence, omission, administrative failure, dereliction of duty, or abuse of authority on the part of the Department of Prisons or other public authorities contributed to the occurrence of this tragedy.
- Whether prison authorities possessed prior intelligence, risk assessments, or warning information indicating the likelihood of violence and failed to implement reasonable preventive measures.
- Whether excessive, arbitrary, disproportionate, or unlawful force was employed by prison officers or any State security personnel.
- Whether all injured persons received prompt and adequate medical treatment consistent with domestic law and internationally accepted standards.
- Whether systemic failures including chronic prison overcrowding, inadequate staffing, poor prison administration, corruption, inadequate emergency preparedness, or the alleged operation of organized criminal networks within the prison materially contributed to the incident.
- Whether every death occurring in State custody has been independently documented, investigated, and subjected to judicial scrutiny as required by law.
- Whether the families of deceased and injured persons have been properly informed and afforded access to justice.
I further respectfully request that the Commission examine the responsibility and accountability of all relevant public officials whose actions or omissions may have contributed to these events, including, but not limited to:
- The Hon. Minister of Justice;
- Any Deputy Minister or State Minister exercising responsibility over the prison administration;
- The Secretary to the Ministry of Justice;
- The Commissioner General of Prisons;
- The Superintendent and senior officers of Negombo Prison;
- Any police, military, or other public officials deployed during the incident; and
- Any other public official whose conduct or omission may disclose legal or disciplinary responsibility.
This complaint further requests the Commission to determine whether the actions and omissions of the relevant State authorities are inconsistent with:
- Articles 11, 12, and 13 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka;
- The International Covenant on Civil and Political Rights (ICCPR), particularly the protection of the right to life, humane treatment, and due process;
- The Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment (CAT);
- The United Nations Standard Minimum Rules for the Treatment of Prisoners (the Nelson Mandela Rules); and
- Other applicable principles of international human rights law binding upon Sri Lanka.
In light of the gravity of the incident, I respectfully request the Human Rights Commission to exercise all powers vested in it under the Human Rights Commission of Sri Lanka Act and to:
- Immediately commence an independent, impartial, and transparent investigation;
- Conduct urgent inspections of Negombo Prison;
- Secure and preserve all documentary, electronic, forensic, and physical evidence, including CCTV recordings, communication records, intelligence reports, incident reports, firearms records, medical reports, and post-mortem reports;
- Record statements from inmates, prison officers, medical personnel, family members, and independent witnesses under appropriate protection;
- Determine whether any public officer has violated constitutional, statutory, or international human rights obligations;
- Recommend criminal investigations and prosecutions wherever the evidence justifies such action;
- Recommend disciplinary and administrative proceedings against responsible public officials;
- Recommend adequate compensation and appropriate remedies for victims and their families where warranted;
- Recommend immediate structural reforms necessary to ensure prison safety, accountability, transparency, and compliance with international human rights standards; and
- Monitor the implementation of all recommendations made by the Commission.
The protection of individuals in State custody represents one of the highest constitutional responsibilities of a democratic State governed by the rule of law. Every person deprived of liberty retains his or her inherent dignity and fundamental rights. The State cannot lawfully evade responsibility where preventable deaths or serious injuries occur within institutions under its exclusive control.
Public confidence in the administration of justice depends upon the existence of transparent, impartial, and independent accountability mechanisms. Accordingly, this matter warrants the Commission’s immediate attention and intervention.
I therefore respectfully request that this complaint be formally registered, treated as a matter of urgent public importance, and investigated without delay, with appropriate recommendations being made to ensure accountability, justice for victims, and meaningful institutional reform.
I affirm that this complaint is made in good faith and solely in the public interest, with the objective of safeguarding the constitutional rights, human dignity, and rule of law guaranteed to every person within Sri Lanka.
Yours faithfully,
Kasun Pussewela
06.07.2026


