පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සැකකරු අද දින මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ විභාගයට ගැණුනි.

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර තිබේ. 

කල්ලඩි ප්‍රදේශයේ සිදු වූ ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් මත අද දින අධිකරණ විභාගය පැවැත්විණි.

අද දින නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, සැකකාර පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙකු කරුණු දක්වන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ 2008 වසරේදී T-56 ගිනිඅවි යොදාගෙන සිදු කරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවයි. ඒ අනුව චන්ද්‍රකාන්තන් නමැත්තා පහත සඳහන් සිදුවීම්වලට සෘජුවම සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

2008 ජනවාරි 09- මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2008 මැයි 22 – කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2008 අගෝස්තු 20 – වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

ඒ අනුව, සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.

 මේ අතර, මෙම සිද්ධියටම අදාළ කල්ලඩි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වන දින දක්වා කල් තැබීමටද අධිකරණය පියවර ගත්තේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron