මිල්ලනිය ප්‍රා.ස. මාලිමා සභාපතිට මරණ තර්ජන

ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතුංග ගමගේ සමන් සුජීව මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

අද (15) අලුයම 1ට පමණ කිසියම් පුද්ගලයකු විසින් සභාපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී, ‘එළිවීමට පෙර මරන බවට’ තර්ජනයක් සිදු කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම දුරකථන ඇමතුමෙන් අනතුරුව සභාපතිවරයා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඒ අනුව හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවස වෙත ගොස් පැමිණිල්ල නිල වශයෙන් සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ තර්ජනය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කරගැනීම සඳහා අදාළ දුරකථන අංකය සහ ඇමතුම් වාර්තා සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ද පොලිසියේ අවධානය යොමුවී ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදුකරයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron