විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යා යුතුයි – අගමැතිනිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධතිය විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

කොළඹදී ඊයේ (12) පැවති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ විභාග කේන්ද්‍රගත ක්‍රමයෙන් ඔබ්බට ගොස්, ක්‍රියාකාරකම් හා අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වාදීම බවද ඇය පැවසුවාය.

පවතින අධ්‍යාපන පද්ධතියේ සාර්ථක අංග ඉවත් නොකරන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වර්තමාන හා අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම ප්‍රතිසංස්කරණවල අරමුණ බව සඳහන් කළාය.

එමෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමත්, අධ්‍යයනමය හා වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමත් වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.

සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron