බන්ධනාගාර ප්‍රශ්න විසඳන්න ගත්ත අලුත්ම තීන්දුව

සෑම බන්ධනාගාරයක් තුළම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහාත් රැදවියන්ගේ සුබසාධනය අරමුණු කරගෙන ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහාත් මැදිහත්විය හැකි ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ අද(19) කළුතර බන්ධනාගාරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය දිනවලදී උද්ගතව තිබූ බන්ධනාගාරවල නොසන්සුන්කාරී තත්වයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ලද විශේෂ කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇති බවද එහිදී ඔහු සඳහන් කළා.

බන්ධනාගාර තුළ පිහිටවනු ලබන මෙම ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණය සඳහා බන්ධනාගාර නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, සෞඛ්‍ය අංශය, ගිනි නිවීමේ අංශය සහ බන්ධනාගාරය තුළ පැනනගින ගැටලු සඳහා අවශ්‍ය වන වෙනත් ඕනෑම රාජ්‍ය නිධාරියෙකු කැදවාගැනීමට අවස්ථාව හිමි වන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

එම නිලධාරීන් සමඟ සාකච්ඡා සිදුකොට රැදවියන්ගේ ගැටලු නිරාකරණය සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම ඒකාබද්ධ යාන්ත්‍රණයේ අරමුණ වී තිබෙනවා.

එසේම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම් සම්බන්ධව තීරණ ගැනීමද මෙම බන්ධනාගාර තුළ පිහිටුවනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණයෙහි අරමුණු වන බව හර්ෂණ නානායක්කාර මහතා එහිදී සඳහන් කළා.

අවම වශයෙන් මසකට වරක්වත් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය රැස්වී අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron