අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුතැන්න යළිත් එළඹෙන සැප්තැම්බර් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අද (27) ඔහුව පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
නාවික හමුදා බුද්ධි අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගැනිණි.
2020 ජූලි මස 15 වැනිදා 24 වෙන නාවික හමුදාපතිවරයා ලෙස වැඩබාරගත් නිශාන්ත උළුගේතැන්න, සිය දුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධුරයෙන් විශ්රාම ගනු ලැබීය.
අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාපති ධුරයට පත්වීමට පෙර එහි මාණ්ඩලික ප්රධානියා ලෙස කටයුතු කර තිබේ.


