කවුරුත් නැති වෙලාවේ නාමල්ගේ මේසේ උඩ ඩොලර් ලක්ෂ 8 තියලා? – ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊයේ (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, කිසිදු සාක්ෂියකින් තොරව එක් පුද්ගලයෙකු ලබාදුන් ප්‍රකාශයක් පමණක් පදනම් කරගනිමින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක කොමිස් මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, එයාර්බස් සමාගමෙන් ප්‍රියංකා විජේනායක නමැත්තියකට කොමිස් මුදලක් ලැබී ඇති බවටත්, එම මුදලින් කොටසක් ඕස්ට්‍රේලියාවේ පදිංචි නිමල් පෙරේරා නමැත්තෙකු වෙත ලබාදී ඇති බවටත් සාක්ෂි පවතින බවයි.

එහෙත් එම මුදල නිමල් පෙරේරා විසින් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට ඔහු විසින් සිදුකර ඇති ප්‍රකාශය හැර වෙනත් සාක්ෂියක් විමර්ශන නිලධාරීන් සතුව නොමැති බව ගම්මන්පිල මහතා අවධාරණය කළා.

“නිමල් පෙරේරා කියන්නේ කවුරුත් නැති වෙලාවක ගිහින් නාමල් රාජපක්ෂ මහතාගේ මේසය උඩ ඩොලර් ලක්ෂ 8ක් තියලා ආවා කියලා. මේ ප්‍රකාශය ඇරුණම වෙන කිසිම සාක්ෂියක් නෑ. මේක හරියට උගන්ඩාවේ සල්ලි හැංගුවා, රොකට් යැව්වා, රත්තරන් අශ්වයෝ ගෙනාවා, ලැම්බෝගිනි ගෙනාවා වගේම තවත් එක මාලිමා පචයක් පමණයි,” යනුවෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පුද්ගලයෙකු ලබාදෙන ප්‍රකාශයක නම සඳහන් වූ පමණින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි නම්, මෙරට කිසිදු පුරවැසියෙකුට ආරක්ෂාවක් නොමැති තත්ත්වයක් උද්ගත වන බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබාගැනීම දැඩි ලෙස දුෂ්කර වී ඇති බවත්, එය මර්දනකාරී පාලනයක ලක්ෂණයක් බවත් ඔහු චෝදනා කළා.

නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකර ඇති මෙම අත්අඩංගුවට ගැනීම හුදෙක් ඔහුට පමණක් බලපාන කරුණක් නොවන බවත්, එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත ජනතාවම අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Hot this week

වැල්ලවත්ත වෙරළ පාතාලෙන් අල්ලන් ඉන්නේ. දේපළ ඉවත් නොකළොත් කඩා දානවා – ජනපති

පාතාල අපරාධකරුවන් විසින් වැල්ලවත්ත වෙරළ තීරයේ ස්ථාන රැසක් අත්පත්...

Kimi Antonelliට මේ අවුරුද්දේ Formula 1 World Championship එක දිනාගන්න පුළුවන්ද?

P19 ඉඳන් P1ට… Kimi දිනපු Monza race එකේ ඇත්තම...

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට!

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අම්පිටියේ...

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ Visa-Free ගමන් අවසන් – සැප්තැම්බර් 15 සිට නව නීති.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට...

Topics

වැල්ලවත්ත වෙරළ පාතාලෙන් අල්ලන් ඉන්නේ. දේපළ ඉවත් නොකළොත් කඩා දානවා – ජනපති

පාතාල අපරාධකරුවන් විසින් වැල්ලවත්ත වෙරළ තීරයේ ස්ථාන රැසක් අත්පත්...

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට!

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අම්පිටියේ...

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ Visa-Free ගමන් අවසන් – සැප්තැම්බර් 15 සිට නව නීති.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට...

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron