ජොන්ස්ටන් අදත් අධිකරණයට: නඩුව ඔක්තෝබර් 28 යළි කැඳවයි

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් තමා සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ඔක්තෝබර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙය මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.

ඒ අනුව මෙම නඩුකරය විභාගය සඳහා අවසන් වතාවට ඔක්තෝබර් 28 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, 2022 මැයි 09 ‘කළු සඳුදා’ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළ මැර කල්ලි මෙහෙයවූවෙකු ලෙස ද චෝදනා ලැබූවෙකි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron