පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ප්රකාශයට පත් කිරීම අද (22) දහවල් 12.27ට කොළඹ මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ආරම්භ වුණා. ඒ, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සභාපතිත්වය දරන, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් ඇතුළු කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදීයි.
මෙහිදී අධිකරණය විසින් විත්තිකරුවන් ඉදිරියේ ඔවුන් වෙත ගොනුකොට ඇති චෝදනා 16ක් කියවා දෙනු ලැබුවා.
පසුව විත්තිකරුවන්ගේ දිවා ආහාරය ලබා ගැනීමට නියමිත බැවින් නඩු තීන්දුව ප්රකාශයට පත් කිරීම අද (22) පස්වරු 1.45 දක්වා කල් තැබුණා.
සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම, කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් මෙහිදී චෝදනා ගොනු කර තිබෙනවා.


