ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම, අත්සන් එකතු කිරීම හෝ වෙනත් කිසිදු විරෝධතා ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නොවන බව මහරගම සෝමරතන හිමියන් පවසයි. ඥානසාර හිමියන් බේරාගැනීමේ අරමුණින් විවිධ සංවිධානාත්මක පියවර ගන්නා ලෙස ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණියන් වහන්සේලා දුරකථන මාර්ගයෙන් තමන් වහන්සේගෙන් ඉල්ලීම් කළද, එවැනි කිසිදු ක්‍රියාවකට මැදිහත් නොවන ලෙස උන්වහන්සේ ඔවුන්ට උපදෙස් දී තිබේ.

තමන් වහන්සේ වසර 45ක කාලයක් පුරා පැවිදි දිවිය ගත කරමින් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකර ඇති බවත්, ශ්‍රී ලාංකික දරුවන් 480 දෙනෙකු ජපානයට යොමු කිරීමට පවා කටයුතු කර ඇති බවත් සෝමරතන හිමියන් සඳහන් කරයි. බුදුදහම තුළ භික්ෂූන් වහන්සේලාගේ හික්මීම සහ සංවරභාවය ඉතා වැදගත් වන බව පෙන්වා දුන් උන්වහන්සේ, ධම්මචේතිය සූත්‍රය නිදර්ශනයකට ගනිමින් බුද්ධ ශ්‍රාවකයන් තුළ පැවති ආදර්ශවත් සංවරය පිළිබඳව කොසොල් රජතුමා පවා පැහැදීමට පත්වූ ආකාරය සිහිපත් කර දුන්හ.

ඥානසාර හිමියන් අධිකරණය හමුවේ හැසිරුණු ආකාරය සහ අනවශ්‍ය කරුණුවලට මැදිහත්වීම දීර්ඝ කාලයක සිට දක්නට ලැබුණු තත්ත්වයක් බව පෙන්වා දුන් උන්වහන්සේ, විශ්වවිද්‍යාල සමයේදී තරුණ භික්ෂූන් වහන්සේලා දේශපාලනඥයන්ගේ වැරදි අවශ්‍යතා සඳහා යොදාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ අද මෙවැනි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රකාශ කළහ. කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට පෙර සංඝ සභාවක් ලෙස මැදිහත් වී උන්වහන්සේට අවවාද අනුශාසනා කිරීමට අවස්ථාව තිබූ බවද මහරගම සෝමරතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

Hot this week

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron