ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම සිදුවූයේ ජාතික ජන බලවේගයේ ඉහළ දේශපාලන නායකයන්ගේ බලපෑම මත බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය ඔක්තෝබර් 8 වනදා ඥාණසාර හිමියන්ගේ ඉල්ලීම පරිදි වැලිකඩ බන්ධනාගාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් උන්වහන්සේ තමන්ට කරුණු පැහැදිලි කළ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය. බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ජම්පරය ඇන්දවීමට උත්සාහ කළ බවත්, එක් නිලධාරියෙකු ජංගම දුරකතනයක් මගින් වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට එම සිදුවීම සජීවීව නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබූ බවත් උන්වහන්සේ පවසා ඇත.

තමන් සතුව ඉතිරිව තිබූ අවසන් භික්ෂු සලකුණ වූ අදනකඩය පවා ඉවත් කිරීමට සිදුවීමෙන් ඥාණසාර හිමියන් දැඩි කම්පනයට පත්ව සිටි බව ද ඔහු කියා සිටියේය. බන්ධනාගාරය තුළදී උන්වහන්සේට යළි සිවුර ඇන්දවීමට පැයක් වැනි කෙටි කාලයක් ප්‍රමාණවත් වුවද, ආණ්ඩුව කමිටු පත් කරමින් කාලය ගත කරන බවට චෝදනා කළ ගම්මන්පිල මහතා, මේ සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පළ කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රදර්ශනය වන ඡායාරූපය කළු කොඩියක් බවට පත් කරමින්, සිවුරට සහ බුද්ධ ශාසනයට සිදුවන මෙම අසාධාරණයට එරෙහිව ජනතාව සිය විරෝධය පළ කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Hot this week

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

Topics

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron