යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.

මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති අතර, එය කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ අද කැඳවනු ලැබීය.

හිදී දැනට ඇප මත පසුවන විත්තිකරුවන් වන හිටපු නාවික හමුදාපතිවරයා සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ. අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන 29 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා, එදිනට ද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය.

2006 සැප්තැම්බර් 01 වනදා සහ 2007 ජූනි 08 වනදා අතර කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ මහතාට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, අදාළ ක්‍රියාව හරහා අයුතු සහගත ලෙස ලාභයක් ලබාගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙම සිදුවීමට අදාළව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් අධිචෝදනා 08ක් යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

Topics

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron