අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 12,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, සිසුන්ගේ ආරක්ෂාව සලකා අද (27) දිවයිනේ සියලුම පාසල් සහ පෙරපාසල් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 12,032 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට අදාළ අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටී.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දින දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. කෙසේ වෙතත්, දැනට පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදි අද දිනයේත් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට අමතරව, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ද අද දිනයේ වසා තැබීමට පියවර ගත් බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

Hot this week

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

Topics

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම්...

නීතිය ඉදිරියේ සලේට විශේෂත්වයක් නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන රාජ්‍ය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron