නීතිය ඉදිරියේ සලේට විශේෂත්වයක් නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේට එරෙහි චෝදනා සනාථ වුවහොත් ඔහුට නිසි දඬුවම් හිමිවිය යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

රටක නීතියේ ආධිපත්‍යය සියලු පුරවැසියන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා, සලේ සම්බන්ධයෙන් විශේෂ නීතියක් තිබිය නොහැකි බවත්, වරදක් කර ඇත්නම් ඊට අදාළ විපාක විඳීමට සිදුවන බවත් අවධාරණය කළේය. මෙවැනි කරුණු කරළියට එන විට ඇතැමුන් ආගමික මාතෘකා සහ ‘රණවිරු ලේබලය’ ඉදිරියට දමමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවද ඔහු පෙන්වා දෙයි.


මීට අමතරව, මෙරට ක්‍රියාත්මක වන ප්‍රබල දූෂිත වළල්ලක මහමොළකරුවන් වන්නේ රාජපක්ෂවරුන් බවට චෝදනා කළ සරත් ෆොන්සේකා මහතා, එම පවුල වටා රොක්වූ ජාවාරම්කරුවන්, ධනවත් ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව මහජන ධනය සහ ජාතික සම්පත් මංකොල්ලකා ඇති බව ප්‍රකාශ කළේය. මෑත කාලයේදී බැංකු නිලධාරීන් පවා සම්බන්ධ වෙමින් රටේ විදේශ විනිමය පසුපස දොරින් පිටකිරීම වැනි සිදුවීම් හරහා එම ජාලයේ තරම මනාව පැහැදිලි වන බව ඔහු සඳහන් කළේය.


දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් සිටින වත්මන් රජයට වසර 5ක සම්පූර්ණ කාලය පාලනය ගෙන යාමට ඉඩදිය යුතු බව ෆොන්සේකා මහතා අවධාරණය කරයි. ආණ්ඩුවේ සුළු අඩුපාඩු දුටු පමණින්, රට විනාශ කළ පැරණි දූෂිතයන්ට යළි රට භාරදීමට ජනතාව නොසිතිය යුතු බව ඔහු පවසයි.

වත්මන් විපක්ෂය ‘සුන්බුන්’ කණ්ඩායමක් ලෙස හඳුන්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එහි සිටින නායකයින් දිරාගිය ගස් හා සමානව ‘කල් ඉකුත් වූ’ පිරිසක් බවයි. එවැනි නායකයින්ට යළි බලය හිමිවුවහොත් රට නැවතත් බරපතළ ආගාධයකට ඇද වැටීම නොවැළැක්විය හැකි බව ඔහු තරයේ කියා සිටියේය.

Hot this week

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

Topics

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron