සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ පාලනය පරාජය කරමින්, ආසන 250න් ආසන 140ක් දිනා ගැනීමට එරට ශිෂ්ය ව්යාපාරය සමත්ව තිබේ. වසර 30කට පසු වාර්තා වූ ඉහළම ඡන්ද භාවිතය සහිතව පැවති මෙම මැතිවරණයේදී ජනාධිපති වුචිච්ගේ සර්බියානු ප්රගතිශීලී පක්ෂයට හිමිව ඇත්තේ ආසන 104ක් පමණි. මැතිවරණ ප්රතිඵල නිකුත් වීමෙන් පසු ඇලෙක්සැන්ඩර් වුචිච් සිය පරාජය පිළිගෙන ඇති අතර, ජනතාව වීදි බැස බෙල්ග්රෙඩ් සහ නොවිසාඩ් ඇතුළු නගර රැසක ජයග්රහණය සමරා ඇත.
2024 වසරේ නොවිසාඩ් නගරයේ සිදුවූ දුම්රිය ස්ථාන අනතුරත් සමඟ රජයේ දූෂණයට එරෙහිව ආරම්භ වූ මෙම ශිෂ්ය ව්යාපාරය, වෛද්යවරුන්, විද්වතුන්, රංගන ශිල්පීන් සහ ක්රීඩකයන් ඇතුළත් කරගනිමින් මෙලෙස කෙටි කාලයකින් විශිෂ්ට ජයක් ලබා ගැනීම විශේෂත්වයකි. මෙම ඓතිහාසික ජයග්රහණයෙන් පසු සර්බියානු පාර්ලිමේන්තුවේ කථානායක ඇනා බ්රනාබික් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, නව ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

